- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
2022 වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500 කට අධික පිරිසක් විදෙස් ගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එමෙන්ම තවත් 5000 කට අධික පිරිසක් විදෙස් ගත වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ. මේ හේතුවෙන් කුඩා රෝහල් 40 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ පක්ෂවල නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානය පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර පසුගිය දා දිවයිනට පැමිණි ගෝලීය වෙළද සංසදයේ නියෝජිතයන් පිරිසක් සහ භික්ෂුන්වහන්සේලා පිරිසක් ඉදිරිපත් කළ “හිමාලයා ප්‍රකාශයනය” පිළිබදව ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානය පැවසුවේ. ජාතීන් අතර සංහිදියාව සහ ප්‍රතිසන්ධානය, ප්‍රජා සුභසාධනය සහ සංවර්ධනය කේන්ද්‍ර කරගත් ප්‍රධාන කරුණු 6 ක් හිමාලයා ප්‍රකාශයනයට ඇතුලත් වනවා.
යුක්තිය මෙහෙයුමේදී ගතවූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන්ගෙන් 109 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 218 දෙනෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරන්නේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවයි.
2023 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමු`ඵ ලබන 29 වනදා සිට තහනම් වනවා. එදින මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සදහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබෙනවා. ලබන 22 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
මෙවර නත්තල් උත්සවය දුෂ්කර වාතාවරණයක් තුළ සැමරීමට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ හේතුවෙන් අනවශ්‍ය වියදම් කපා හැර නත්තල් උත්සවය සමරන ලෙසයි ජනතාවගෙන් කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ. මේ අතර දේශපාලන නායකයින් විසින් යම් යම් ගැටලු ඇතිකිරීමට උත්සහ කරන බව ද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් 8 ක්, වවුනියාවේ පාසල් 1 ක් සහ මුලතිව් පාසල් 7 ක් එලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් කාලගුණික තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කළේ. මේ අතර පවතින වැසි තත්ත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් ජයමාන්න මහතා පැවසුවා.
පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් කඩිනමින් බිහිකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ප්‍රශ්නය – මේ දවස්වල ජනතාව සෑහෙන්න අපහසුවෙන් ඉන්නේ… අමාරුවෙන් ඉන්නේ… ජීවත් වෙන්න බැරුව ඉන්නේ.. පැහැදිළිව ඉතින් මෙහෙම ආණ්ඩු තියෙන කොට තියෙයිද? ප්‍රශ්නය – දැන් මොකක්ද සර් මේකට කරන්නේ අපි ආණ්ඩුවක් පිහිටවමු ප්‍රශ්නය – ඔබතුමන්ලාට ලොකු විරෝධයක් ආවා නේද සම්මේලනය දවසේ… ඒ් මොකක්ද? ප්‍රශ්නය – හැම තැන්වල ගොයම් පුනක්කු ගෙනත් එල්ලලා තිබුණා… ඒ මෝඩයෝනේ…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබෙනවා. අමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධානයන්ට අනුව මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එම තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට් හට 2024 ජනාධිපතිවරණය සදහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනවා. කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. සියලු පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි ඔහු සදහන් කළේ. මාධ්‍යයට අදහස් පළ කරමින් රවි කරුණානායක මහතා මේ බව පැවසුවා. මේ අතර රජය විසින් වැට් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.
ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන බව ඉන්දියාවේ සිට ලොක= ලූණු ඒවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසනවා. ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් ඒම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ලූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා. ඒ් අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග ගබඩාවල විශාල වශයෙන් ලූණු ගබඩා කර වෙළෙඳ පොලේ ලොකු ලූණු හිඟයක් ඇති කොට ඉතා සූක්ෂම ලෙස ලංකාවේ කිහිපදෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222