- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
මාලදිවයින බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොල වෙත ගාඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා ඊයේ උදෑසන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන් ස්වල්ප වේලාවකට පසු කාර්මික දෝශයකට ලක්ව ඇති අතර ඒ අනුව මෙලෙස ගුවන් යානය නැවත ගොඩ බැස්වීමට කටයුතු කළ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ. මෙම අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 201 දෙනෙකු සිට තිබෙනවා. ඒ අනුව මෙම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් අතර සිටි ඉතා කඩිනමින් මාළදිවයින වෙත යාමට අවශ්‍යතා තිබූ මගීන් කටුනායක සිට මාළදිවයින…
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු ඊයේ දිනයේදී පළාගොස් තිබෙනවා. මෙලෙස පළාගොස් ඇත්තේ ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක් බවයි පොලීසිය සඳහන් කළේ. උදරයේ ඇතිවූ බව පැවසෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. හෙරොයින් මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා තැබීමටයි කටයුතු කර ඇත්තේ. 25 හැවිරිදි වියේ පසුවන අදාළ රැඳවියා ඇඹිලිපිටිය වැව්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සොයා බන්ධනාගාර නිලධාරීන් සහ ඇඹිලිපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ දී ජීවිතක්ෂයට පත්වූ පලස්තීනුවන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අරත ළමුන් 8,000ක් සහ කාන්තාවන් 6,200ක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. හමාස් -ඊශ්‍රායල ගැටුම පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා ආරම්භ කරනු ලැබුවා. මෙම යුද ගැටුම් ආරම්භ කරමින් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 1,140ට ආසන්න පිරිසක් ජීවිතක්යට පත් වුණා. ඒ අනුව ඊශ්‍රායලය විසින් ඊට ප්‍රති ප්‍රහාර ගුවනින් සහ ගොඩ බිමින් එල්ල කිරීම ආරම්භ කළ අතර, මේ වන විටත් ඒ ආකායෙන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම වසර තුල අසු තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා . කොළඹ දිස්ත්රික්කයෙන් වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු සදහන් කලේ . මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අවධාරණය කළා . මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල වෛද්‍ය සුදත් සමරවීර මහතා
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන් වනවා. එම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කෙරුණා. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ පක්ෂවල නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළා. මේ අතර පසුගියදා දිවයිනට පැමිණි ගෝලීය වෙළද සංසදයේ නියෝජිතයන් පිරිසක් සහ භික්ෂුන්වහන්සේලා පිරිසක් ඉදිරිපත් කළ “හිමාලයා ප්‍රකාශයනය” පිළිබදව ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානය පැවසුවේ. ජාතීන් අතර සංහිදියාව සහ ප්‍රතිසන්ධානය, ප්‍රජා සුභසාධනය සහ සංවර්ධනය කේන්ද්‍ර කරගත් ප්‍රධාන කරුණු 6 ක් හිමාලයා ප්‍රකාශයනයට ඇතුලත් වනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිවුදෙනෙකු පිළිබදව අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අනාවරණයක් සිදුකරනු ලැබුවා. එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ අපේක්ෂකයින් සිවුදෙනා අතරට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ නම ද ඇතුලත් බවයි. මේ අතර ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණා. ඒ, සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයේදී සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පිරිසක් සිදු කරන ලද විරෝධතාවයක් හේතුවෙනුයි. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වූ ජේ එන් 1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයක පැතිරයාමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. සිංගප්පූරුවේ සහ අමෙරිකාවේද ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ වනවිට අමෙරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර එය නව ප්‍රභේදය වන බවයි එරට වසංගත රෝග පාලන ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇත්තේ.
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාරගැනීමට ලබාදී තිබූ කාලය අනිද්දා දිනයෙන් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 බැගින් තෝරා ගෙන සිසුන් 5000 ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි. අයදුම්පත් භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් අනිද්දා දිනට පෙර එම අයදුම්පත්‍ර භාරදීමට කටයුතු කරන ලෙසටයි සුදුසුකම් ලැබූ සිසුන් වෙත ජනාධිපති අරමුදල දැනුම් දෙන්නේ.
බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 36 තුලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම අධික වැසි සමග මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගංවතුර අවදානම ඉවත් කර ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර බදුල්ල හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ නායයාමක් සිදුව තිබෙනවා . ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222