- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළා මේ අතර උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව ජනාධිපති අරමුදල පවසනවා. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස පළමු වනදා සිටයි ආරම්භ කරනු ලබුවේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මෙය ලැබී ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට අමතන බව පවසමින්. පෝය දෙකකින් බලාගමු යනුවෙන් පවසමින් ලබාදුන් එම ඇමතුම පිළිබඳ පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එම ඇමතුම වෙනත් රටක සිට ලැබී ඇති බවටයි. එහිදී අමාත්‍යවරයාට පැමිණි තර්ජනාත්මක දුරකතන සංවාදය මෙලෙස පටිගත කර තිබුණා. වොයිස් කට් -ටිරාන්
කොළඹ සහ අවට ප්‍රදේශවල එළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,600 කට සහ මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1,300 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්‍රෑම් 100 ක මිල ප්‍රදර්ශනය කිරීමටයි මේ වන විට ආරම්භ කර ඇත්තේ. මේ අතර ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර බෝංචි ග්‍රෑම් 100 ක් රුපියල් 160ක් ලෙසත්, කැරට් ග්‍රෑම් 250 ක් රුපියල් 140ක් ලෙසටත්, තක්කාලි ග්‍රෑම් 250 ක් රුපියල් 180ක් ලෙසටත් එළවළු මිල පාරිභෝගිකයින්ට දරාගත නොහැකි ලෙස ඉහලගොස් තිබෙනවා . මේ ඒ පිළිබදව පාරිභෝගිකයින් දැක්වූ…
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද යක පළාත්වලත් මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු 02 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා . මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා.
එළැඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි. මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා . මේ අතර, එළැඹෙන උත්සව සමය සඳහා අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා . නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා…
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහක ලිපි කූඨ ලෙස සකස් කල ස්ථානයක් පවත්වාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පන්නල ප්‍රදේශයේ නිවසක භුගතව මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකල වැටලිමකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද දිනයේදීත් සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.උදය කුමාර මහතා පැවසුවේ නායයාමක් හේතුවෙන් බදුල්ල – හාලිඇලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 8 ක පුද්ගලයින් 39 දෙනෙකු ඉවත් කර ඇති බවයි. අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පැමිණ එම ස්ථාන පරීක්ෂා කිරීමට නියමිත බවද නියෝජ්‍ය…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. හැටන් සහ කොටගල දුම්රිය ස්ථානය අසලදී ටිකිරි මැණිකේ සීග්‍රගාමි දුම්රිය පීලි පැනීමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත්තේ. ඊයේ දිනයේදී ද උඩරට මාර්ගයේ දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවාවේ සාමාජිකයින් දෙසිය හතලිස් දෙදෙනෙකුට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යන මධ්‍යස්ථානයේ දී ඊයේ මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි. මෙහිදී ඖෂධවේදී පුහුණු පාසල්වලට බඳවාගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කර සිටි 163 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දී තිබෙනවා. එමෙන්ම වසර 1 යි මාස 3 ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කළ සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 56 දෙනෙකුට ද පත්වීම් ලිපි පිරිනැමූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. පසුගිය දින තුනේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 6553 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඊට කාන්තාවන් 274 දෙනෙකු ද ඇතුලත් බවටයි පොලිසිය පවසන්නේ. එමෙන්ම සීදුව පොලිස් වසමේ ඖෂධ අලෙවිසැල් ආශ්‍රිතව කරන ලද වැටලීමකදී මත්පෙති 16,000 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඖෂධ අලෙවිසැල් පාසල් ආශ්‍රිතව පිහිටා ඇති බවටයි පොලිසිය සදහන් කළේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222