Author: Anura Premakumara

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන සහ අවසන් එක්දින තරගය ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. එහිදි අගනා ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් ලකුණු 108 ක් සහ තිලක් වර්මා ලකුණු 52 ක් රැස් කළා. පන්දු යැවීමේදි බී. හෙන්රික්ස් ලකුණු 63 ට කඩුලු 3 ක් බිඳහෙ`ඵවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 45 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි  වූයේ ලකුණු 218 ක් පමණයි. එහිදි ටෝනි ද සෝර්සි ලකුණු…

තව කියවන්​න

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් සහ දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය පැවසුවේ. ඒ අනුව අද සිට දුර ගමන් සේවා සදහා අතිරේක බස්රථ 100 ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කළා. එමෙන්ම උත්සවය සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට සිට ආරම්භ කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ. කෙසේ වෙතත් දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියේ මේ වන විට…

තව කියවන්​න

බී `ඵණු මාෆියාව මැඩපැවැත්වීම සදහා `ඵණූ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙස ජාතික කාන්තා එකමුතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපතිවරයා කියා සිටියේ අත්තනෝමතික ලෙස වෙළදුන් විසින් `ඵණූ මිල ඉහළ දැමීම හමුවේ ගෘහණියන්ට එය දැඩිව බලපා ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු `ඵණූ කිලෝවක මිල මේ වන විට වෙළදපොලේ 650 ත් 700 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

තව කියවන්​න

ආබාධ සහිත පුද්ගලයන්ට මෙම මස සිට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසනවා. මෙලෙස ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධිත සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ජාන්ධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව දෙන බව ආබාධ සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර තිබෙනවා.

තව කියවන්​න

වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ප්‍රසාද දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය මුදල් ලබානොදෙන බවත් පෙර වසරේ බදු ගෙවීමෙන් පසු ඉපයූ ලාභයෙන් සියයට 30 ක ප්‍රමාණයක් ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇති රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදිය හැකි බවත් එහි දැක්වෙනවා. එහෙත් ලාභ නොලබන රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.

තව කියවන්​න

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35 ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම් වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බවයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඔවුන්ගේ මෙම පත්වීම් එළඹෙන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

2022 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. අයදුම්පත් යොමුකිරීම පිළිබද වැඩිදුර තොරතුරු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන අඅඅගමටජග්ජගකන වෙත පිවිසීමෙන් ලබාගත හැකි වනවා.

තව කියවන්​න

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1865 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඔවුන් අතරින් සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ. එමෙන්ම තවත් පුද්ගලයන් 134 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබෙනවා. අදාළ මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 613 ක්, අයිස් ග්‍රෑම් 746 ක්, ගංජා කිලෝග්‍රෑම් 16 යි ග්‍රෑම් 500 ක්, ගංජා පැල දෙලක්ෂ හැත්තෑ දෙදහස් හතලිස් එකක් සහ මත්පෙති 3142 ක් ද සොයා ගෙන තිබෙනවා.

තව කියවන්​න

මැති ඇමතිවරුන්ගේ හිත මිතුරන් හට භාණ්ඩ ආනයනයෙන් කොමිස් මුදල් ලබාගැනීමට ඉඩ සැලැස්වීම තුළින් රට තුළ ආහාර අර්බුධයක් හටගෙන ඇති බව සමගි ජන බලවේගය පවසනවා . මේ හේතුවෙන් බිත්තර හිගය , බඩ ඉරිගු හිගය මෙන්ම ,සහල් සහ සීනි ආදියෙහි හිගය නිර්මාණය වී ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී එක්වෙමින් සඳහන් කළේ. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා. මේ අතර සහල් ආනයනය කිරීමේදී සිදු කරන බදු අය කිරීම පිළිබදව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාද කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළකළා .

තව කියවන්​න