- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය රෝහල් අධ්‍යක්ෂවරිය පවසනවා. චාමර වීරසිංහ මහතා පසුගිය 17 වනදා සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට ඇති බවත් ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ චාමර වීරසිංහ මහතා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු වීම හේතුවෙන් තවත් ටික දිනක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවයි.
නවසිලන්ත කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 9 ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද සමත් වූණා . මෙම තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ . ඒ අනුව පිටියට පිවිසි සත්කාරක නවසිලන්ත කණ්ඩායමට පන්දුවාර 31 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 98 ක් පමණයි .එහිදී විල් යන්ග් ලකුණු 26 ක් රැස් කළා . මෙම ලකුණු සංඛාව වාර්තා අතරට එක් වුයේ නවසිලන්ත කණ්ඩායමක් බංගලාදේශයට එරෙහිව රැස් කල අඩුම ලකුණු සංඛාව ලෙසයි . ලකුනු 99 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 15 යි…
මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ඇති වූ බියක් හේතුවෙන් ගුවන් යානයක් ප්‍රංශයට ගොඩබස්වා තිබෙනවා. ඉන්දීය මගීන් 303 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙසේ ගොඩ බස්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ . ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපළක එය නවතා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එයාර්බස් ඒ 340 යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාවේ අගනුවර වන මනගුවා වෙත පියාසර කරමින් තිබුණා. නිර්නාමික ඔත්තුවක් ලැබීමෙන් පසුවයි එම යානය ගොඩ බස්වා ඇත්තේ. පොලිසිය විසින් ගුවන් තොටුපළ ද මුද්‍රා තබා ඇති අතර එය තුළ පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටිනවා. එමෙන්ම මේ වනවිටත් ඉන්දීය බලධාරීන් වට්රි ගුවන් තොටුපල වෙත ගොස් ඇති අතර, මගීන්ගෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී සංක්‍රමණිකයින්…
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කලේ ඊයේ පවතී සකච්චාවේදී මෙම තීරණය ගත බවයි. මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම හේතුවෙන් මෙම එකඟතාවට පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.
දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව ඊයේ දින සිට විශේෂ දුම්රිය ගමන් සේවා දුම්රිය දෙපාර්තමේන්තුව විිසින් ආරම්භ කරනු ලැබුවා . එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ බදුල්ල, මහනුවර සහ කන්කසන්තුරේ බලා එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි. ඒ අනුව අද සහ ලබන 25,27 සහ 29 යන දිනවලත් කොළඹ කොටුවේ සිට දුම්රිය කිහිපයක් බදුල්ල බලා ධාවනයේ යෙදවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව මගී අවශ්‍යතාව මත ධාවනයේ යෙදවීමට අතිරේක බස් රථ 100ක් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.
ලබන මාසයේදී අස්වැසුම සදහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවයි. මේ අනුව පසුගිය වර තිබූ අඩුපාඩු හඳුනාගෙන වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවයි.
බන්ධනාගාර ආශ්‍රිතව හෙට සහ අනිද්දා පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසුවේ , අදාළ දිනවල නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා ඊට අදාල උපදෙස් ලබාදී ඇති බවයි. එමෙන්ම නත්තල් උත්සවය වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන් හට විවෘතව අමුත්තන් පෙන්වීමට තීරණය කර තිබෙනවා.
උත්සව සමය වෙනුවෙන් අද සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශකර සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් සංඛ්‍යාව විසිහතර දහස ඉක්මවා ඇති බවයි. මේ අතර භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ වෙළෙඳපොළේ ඉදිරි දින කිහිපය තුළ බත්, සහ කොත්තු ආදී ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව සදහන්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් නාම පුවරුද ප්‍රදර්ශනය කෙරෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන සිටින එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවටද හඳුනාගෙන තිබෙන බව සදහන්.
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් මියගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා කියා සිටියේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මෙලෙස ඊයේ (22) දිනයේදී මියගොස් ඇති බවයි. අදාළ රැඳවියා පසුගිය අගෝස්තු මස 30 වන දින බන්ධනාගාර ගත වූ අයෙක් බවත් ඒ මිනීමැරුම් චෝදනාවක් මත බවත් වාර්තා වනවා. ගාමිණී බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් අට දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222