- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
Author: Anura Premakumara
අධිකව ජනතාව ගැවසෙන ස්ථාන වලට ළමුන් රැගෙන යාම සිමා කරන ලෙස සෞඛ්‍ය අංශ ඉලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ පසුගිය කාල සීමාවේදී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි මේ අතර දීර්ඝ සති අන්ත නිවාඩුව තුල උත්සව සහ විනොද් චාරිකා සඳහා සහභාගි වන්නේ නම් එම අවස්ථාවලදී සිය ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත්වන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ ඉන්දික ජාගොඩ මහතා සදහන් කලේ විනොද් චාරිකාවල නිරතවන පුද්ගලයින් දිය ඇළි සහ ජලාශ වල දිය නෑමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි . ඪධෂක්‍ෑ ක්‍ඹඔ – ඉන්දික
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස පස් වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. මෙම හමුව පැවැත්වීමට තීරණය කර ඇත්තේ මෙතෙක් විසදුම් ලැබී නොමැති තම ප්‍රශ්නවලට අදාළව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම පිලිබදව සාකච්චා කිරීම සදහායි. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සදහන් කළේ, විශ්ව විද්‍යාලවලට අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැති වීමත්, පර්යේෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොලැබීමත් යන හේතු මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි. ආචාර්යවරුන් 2,500කට වැඩි ප්‍රමාණයක් 2020 වසරේ සිට මේ දක්වා රට හැරගොස් ඇති බවත් මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළා.
2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායම 2024 වසරේදී එම තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බව තරගාවලි සංවිධායකයින් පවසනවා. එම කණ්ඩායම වෙනුවට ඇන්ටිගුවා සහ බාබියුඩාව කේන්ද්‍ර කර ගත් කණ්ඩායමක් සී.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ. කණ්ඩායම තිරසාර ලෙස පවත්වා ගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමට ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වයට නොහැකි වූ බැවින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 2024 සී .පී .එල් තරගාවලිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනවාරි මාසයේ සිට වැට් බදු වැඩි කිරීම හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහල ගොස් ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ හේතුවෙන් දෙමව්පියන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කලේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා . jose
රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන්ට විදේශ රටවල රැකියා ලබාදෙන බවසමින් හිටපු සභාපතිවරයා මෙලෙස මූල්‍ය වංචාවන් සිදුකර ඇති බවත් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට පත්ව සිටි මන්ත්‍රීවරයකු බවද පේරාදෙණිය පොලිසිය පවසනවා. කොරියාව, ජපානය ඇතුළු රටවල් රැසකට රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ තුනේ සිට ලක්ෂ 10 දක්වා මුදල් සැකකරු ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිබෙනවා. පේරාදෙණිය පොලිසියට ලද පැමිණිලි රැසක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පේරාදෙණිය පොලිසිය සිදු කරනු ලබනවා.
ජා-ඇළ, ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ජා-ඇළ පොලිසිය කියා සිටියේ ගම්පහ, කටුනායක, මීගමුව යන ගිනි නිවීමේ ඒකක විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්නෙන් දේපළ හානි සිදුව ඇති නමුත් ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා වන්නේ නැහැ. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ පහක් යොදා ගැනුණු බවත් වාර්තා වනවා.
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෙක්ස් කොඩිප්පිලි යනු සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන් පුද්ගලයෙක් වනවා. ඔහු රංගන ශිල්පියෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ද වනවා . ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතර අහස් මාළිගා, බයිසිකලේ චිත්‍රපට ඇතුලත්. රෙක්ස් කොඩිප්පිලි රණදෙරණ, කදිරා චිත්‍රපටවල නිෂ්පාදන අධිකාරි ලෙසත් කටයුතු කර තිබෙනවා. රක්තා, මුවන්පැලැස්ස, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රගපෑ චිත්‍රපට කිහිපයක් වනවා. එදා මෙදාතුර ඔහු චිත්‍රපට දෙසීය ඉක්මවා ඇති අතර ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවකට රංගනයෙන් එක්ව තිබෙනවා.
කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ඒ අනුව පොලිස් නිළධාරින් 7500 දෙනෙකු මෙලෙස කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා .
අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන , නත්තල් සාද මෙන්ම ,තවත් පුණ්‍යක්‍රියා රැසක්ද ඒ අනුව සිදු කිරීමට නියමිතයි. වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සුදානම් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර ශුද්ධවූ පේදුරු පාවුළු මුණිවරුන්ගේ ආසන දෙව් මැදුරේ සිට ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය ,නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය අද රාත්‍රී 11.30 සිට සජීවීව විකාශය කරනු ලබනවා. මෙම දේව මෙහෙය රත්නපුර පදවි රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්…
මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගීන් 16 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222