- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Anura Premakumara
ඕස්ට්‍රේයානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට බ්‍රිස්බෙන් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් ක්‍රීඩා කළ තරඟ 4න් තරඟ 3ක් ජයග්‍රහණය කරමින්. දෙවැනි ස්ථානයේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමත් පසුවනවා. සිව්වන ස්ථානයේ සහ පස්වන ස්ථානයේ පිළිවෙලින් පසුවන්නේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.
මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පවසනවා. ඒවායේ පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ. ඒ, අනුව මෙම රෝගී තත්ත්වය සායනිකව හා රසායනිකව තහහවුරු කර ගැනීමට අද දිනය තුළ හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ වනවිටත් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් සහ ඖෂධ මාතර බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළා. මෙම තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයේ රුදවියන් බැලීමේ අවස්ථාව අමුත්තන්නට හිමි නොවන බවයි ඔහු සඳහන් කළේ. මේ අතර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ එම රෝග ලක්ෂණය පෙනුම්…
අධිවේගී මාර්ගවල පෙරේදා දිනයේ ආදායම සියයට 40කින් පමණ වැඩි වී තිබෙනවා. අධිවේගී මාර්ගයේ පසුගිය 22 වැනි දා වාහන එක් ලක්ෂ 40,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ 57,600ක් පමණ වන බයි වාර්තා වන්නේ. මේ අතර පෙරේදා දිනයේදී වාහන එක් ලක්ෂ 45,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් පන් කෝටි එක් ලක්ෂ 74,550ක් පමණ වන බව සඳහන්. ඒ අනුව පෙරේදා දිනයේ ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් සියයට 40ක පමණ වැඩි වීමක් බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත පුහුණු කාර්යය මණ්ඩලය සදහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලා්ඩ් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි. ලොව වටා 20යි 20 ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර ඇති ඔහු 20යි 20 තරග 600 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා. කොදෙව්වන් වෙනුවෙන් පොලාඩ් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 20යි 20 තරග ගණන 101 ක්. එහිදී ලකුණු 1,569 රැස් කර ඇති…
මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි වාලම්පුරි 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්න රොෂාන්‘ සහ ඔහුගේ ගෝලයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක දී මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සැක පළ කරනවා.
බන්ධනාගාර ආශ්‍රිතව අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී දිසානායක මහතා පැවසුවේ, නත්තල් උත්සවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි. එහිදී බන්ධනාගාර නීතිරීති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවලදී එම කටයුතු සිදු කෙරෙනු ඇති. එක් රැඳවියකු වෙනුවෙන් ඥාති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී දිසානායක මහතා පැවසුවා.
අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුනා. නත්තල යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම සඳහා සමරනු ලබන උත්සවයක් වනවා. එය දෙසැම්බර් 25 වන දින ලොව පුරා සමරනු ලබන අතර එය ආගමික වැදගත්කමක් දරනු ලබනවා. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය.
බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් අත්හිටවා තිබෙනවා. ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙන්. මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමිනූයි ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා ඇත්තේ. මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටයි. කෙසේවෙතත් සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදු වන බව වාර්තා වනවා. එමෙනම නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන , නත්තල් සාද මෙන්ම ,තවත් පුණ්‍යක්‍රියා රැසක්ද ඒ අනුව සිදු කිරීමට නියමිතයි. වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සුදානම් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර ශුද්ධවූ පේදුරු පාවුළු මුණිවරුන්ගේ ආසන දෙව් මැදුරේ සිට ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය ,නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය අද රාත්‍රී 11.30 සිට සජීවීව විකාශය කරනු ලබනවා. මෙම දේව මෙහෙය රත්නපුර පදවි රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222