- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
- කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්
- මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි.
- මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
- තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක
Author: Anura Premakumara
යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විවිධ රාජකාරී කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් සිදු කිරීම යම් ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි. එම මෙහෙයුම නවතා දමා නොමැති බවත් ලැබෙන තොරතුරු අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
අද සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර උතුරු,උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද සදහන්. ගිගුරුම් සහිත වැසි…
ලබන මාසයේ සිට ජංගම දුරකථන මිල සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා කියා සිටියේ ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම මෙලෙස මිල යන බවයි මෙලෙස මිල ඉහල යාමෙන් ජංගම දුරකථන කර්මාන්තයට දැඩි බලෑමක් එල්ල වන බව සභාපතිවරයා ප්‍රකාශ කළා . එමගින් රැකියා අවස්ථා දස දහසකට අධික සංඛ්‍යාවක් දැඩි අවධානමකට ලක්ව ඇති බව ද සමිත් සෙනරත් මහතා සදහන් කළා
මෙම වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේද අද වැනි දිනකයි. උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත් කම පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් පහතින් දැක්වේ. මේ අතර අදට යෙදී තිබෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයත් සමග ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා. අද සිට ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් සඳහන් කළේ.
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද දිනයේදී මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් දක්වන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. 2004 දෙසැම්බර් 26 වැනි උඳුවප් පොහෝ දා ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.
ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මෙම දිනය නම් කර ඇත්තේ සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කිරීම සදහායි. 2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් තිස් පන්දහසකට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතයි. මෙයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වා දෙනු ඇති. මේ 2004 වසරේ අද වැනි දිනක සිදුවූ සුනාමි ව්‍යසනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් .
සුනාමි පෙරහුරුවක් අද දිනයේදී ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා . එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුදන්ත රණසිංහ මහතා සදහන් කලේ දුරකථන නාද මාලාවක් ඔස්සේ එම දැනුම්දීම සිදු කරන බවයි . ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය හමුවකට එක්වෙමින් .
පොලිස් සැරයන්වරයකුට කණේ පහරක් ගසා පැන යාමට උත්සාහ කළ බව කියන සුපවේදියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝටලයක සුපවේදියකු බව කියන සැකකාර රියදුරා ධාවනය කරන ලද මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මෝටර් රථය මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී නවතා තිබෙනවා. එහි රියදුරු බීමතින් සිටින බවට පෙනී ගිය බැවින් පොලිස් මුරකුටිය වෙත කැඳවා රියදුරා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැරයන්වරයාට කනේ පහර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සුපවේදියාට එරෙහිව බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා…
උත්සව සමය ඉලක්ක කරගනිමින් දිවයින පුරා බීමත් රියැදුරන් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන කොට්ඨාසය පවසනවා. මෙම මෙහෙයුම ජනවාරි මස දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර උත්සව සමය තුළ සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා සිට දෙසැම්බර් මස 19 වැනිදා දක්වා රථ වාහන පොලිසිය මගින් රථ වාහන රියැදුරන් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර දින හතරක එම වැඩපිළිවෙළ මගින් බීමත්ව රිය පැදවූ රියැදුරන් 2 427 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අපරික්ෂාකාරී අයුරින් රිය ධාවන කළ රියැදුරන් 232ක් සහ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදුණු 235කට…
මාරවිල සහ අක්කරපත්තුව යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා . මාරවිල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකුට උකස් කර තිබු රූපවාහිනි යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් නැවත බේරාගැනීමට ගිය අවස්ථාවේ ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා . ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර අක්කරපත්තුව ප්‍රදේශයේ දී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් සිදුවු පහරදීමකින් 39 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222