Author: Anura Premakumara
ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ජනවාරි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව කාම්භෝජයේ ද සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ජපන් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුගේ මෙම සංචාරයේදී විශේෂ අවදානයක් යොමු කරනු ඇති බව සදහන්. මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතු`ඵ ඉහළ පෙළේ නායකයන් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
නැගෙනහිර ඔස්ට්‍රේලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිබලය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම වික්ටෝරියා සහ ක්වින්ස්ලන් ප්‍රාන්තවල අවතැන් පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට පොලිසිය සහ සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.
ඉන්ධන ගාස්තු මෙම මස අවසානයේ සිට ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වනවා. මාසික ඉන්ධන මිල සංශෝධනය සහ සංශෝධිත වැට් බද්ද ඉන්ධන සදහා එක්වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යනු ඇති. ඉන්ධන සදහා වැට් බද්ද සියයට 18 කින් අලුතින් එකතු වීමට නියමිතයි. කෙසේ වෙතත් වරාය ගාස්තු සියයට 8 ක් ඉන්ධනවලින් ඉවත් වීම මත ඉන්ධන මිල ඉහළ යාම සියයට 10 කින් පමණක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බව සදහන්.
බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිදුවීමෙන් පසුව කාන්තාව පළාගොස් ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් වන පුද්ගලයෙක්. මෙලෙස පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවැතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉන්ධන අලෙවිය අඩුවීමත්, විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9 හෝ 10 වන විට වසා දමන තත්ත්වයක් පවතින බවයි. වෙනත් වර්ෂයන්හි උත්සව සමයේදී ඉන්ධන පිරවුම්හල් අලුයම 1 හෝ 2 දක්වා විවෘතව තබාගෙන සිටියත් පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ එලෙස කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. ඒ සේවක වැටුප්, අතිකාල ගෙවීම් වැනි දෑ සඳහා වැඩිපුර ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්ධනහල් හිමියන් එලෙස සිදු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. එසේම සිපෙට්කෝ ඉන්ධන…
රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී.රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වී තිබෙනවා. රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා. ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබා දුන් පවුම් 38 ක බරකින් යුතු මෙම රන් තැටිය පසුගියදා අතුරුදන් වූ බවට අනාවරණය වුණා.
පාතාල කල්ලි නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයෙක් බව කියන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ අරමුණේ සිටියදී අවිආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ යුක්තිය මෙහෙයුම යටතේ සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි. කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ උපදෙස් මත මිනීමැරුම් තුනක් සිදු කිරීම සඳහා, අවශ්‍ය ගිනි අවි, යතුරු පැදි සමග සූදානමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉකුත් 20 වනදින ආඩිඅම්බලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර පළායමින් සිටියදී 28 හැවිරිදි කළහුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු අත්අඩංගුවට ගෙන…
මීලඟ මහ මැතිවරණයේදී විපක්ෂයට යාම වෙනුවට ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කිරිඳිවැල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනුහි ඔහු මේ බව සඳහන් කළේ.
කළු මුහුදේ වරායක නවතා තිබූ සිය යුධ නෞකාවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කර තිබෙනවා. යුක්රේනය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම නෞකාවට හානි සිදුව ඇති බවට රුසියාව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය අදයි. පළමු දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 59ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 208ක් ලබා සිටියා. මෙහිදී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කේ.එල්. රාහුල් පන්දු 105දී නොදැවී ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 44ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා. රබාඩා ලබාගත් මෙම කඩුළු 05ත් සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ලබා ගත් කඩුළු 500 සීමාව පසු කිරීමට ඔහුට හැකියාව ලැබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222