Author: Anura Premakumara

වැට්  බද්ද හෙවත්  එකතු කළ අගය මත බද්ද අද සිට ක්‍රියාත්මක වනවා.  ඒ අනුව අද සිට වැට් බද්ද , සියයට 15 සිට සියයට 18 දක්වා ඉහල දමා තිබෙනවා. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුටම ගෙවීමට සිදුවනවා . දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්, පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර ,ගිලන් රථ ආනයනයේදී, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, ස්වර්ණාභරණ, පාම් ඔයිල්, බිත්තර, තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව  අද සිට වැට් බද්ද පනවනු ලබනවා .…

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් මිල අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දැමෙන බවයි. ඒ අනුව නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 4250ක්. මෙතෙක් රුපියල් 1431ක්ව පැවැති ලිට්‍රෝ ගෑස් කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ යාමත් සමගින් එහි නව මිල රුපියල් 1707ක් වනවා. එසේම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 795ක්.

තව කියවන්​න

අද සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම් නෆීර් මහතා සඳහන් කරන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවයි. සියලු දෙනාට ජාතික හැඳුනුම්පත් අංකයක් මෙන් බදු ලිපිගොනු අංකයක් ලබාදීම මෙහි අරමුණ බවයි ඒ මහතා සඳහන් කලේ.. ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුම්පත් අංකයට අමතරව මෙම අංකය ද අනිවාර්ය වනු ඇති.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් එක්ව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් අද(01) එක් වූ බවයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය කියා සිටියේ. දකුණු පළාතේ හිටපු මහ ඇමැතිවරයකුද වන ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූවා. සමගි ජන බලවේගය සමගින් එක්වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසට පත් කර තිබෙනවා. එසේම ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද වනවා.

තව කියවන්​න

2024 නව වසරට පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. දහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් සියලු පුද්ගලයන් සතුව තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බවද එහි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මෙම මාර්ගයේම තවත් ඉදිරියට යා යුතු…

තව කියවන්​න

කොළඹ ග්‍රෑක්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී නාදුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා දිවගොස් තවත් පුද්ගලයෙකු විසින් පදවාගෙන පැමිණි යතුරුපැදියකින් පලාගොස් ඇති බව පොලීසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා 48 හැවිරිදි වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්දිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

අද සිට විදුලි සංදේශ සේවා සදහා වන බදු ඉහළ දමන බවට දුරකතන සමාගම් දැනුම් දී තිබෙනවා. වැට් බදු සංශෝධනයට රජය පියවර ගැනීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු , අන්තර්ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා ලබා ගන්නා රූපවාහිනි සේවා ගාස්තු වැඩි කරන බවයි දුරකතන සමාගම් ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර ජංගම දුරකතන මිලද ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසුවේ මේ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද පීඩාවට පත්වන බවයි.

තව කියවන්​න

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ බත් , කොත්තු , ප්ලේන් ටී සහ කිරී තේ ඇතුළු ආහාරවල මෙලෙස ඉහළ දමන බවයි. ඒ අනුව ප්ලෙන් ටී එකක් රුපියල් 5කින් , කිරිතේ එකක් රුපියල් 10කින් සහ කෙටි ආහාර රුපියල් 10කින් ඉහළ දමන බවයි හර්ෂන රුක්ෂාන් මහතා සදහන් කළේ. බත් , ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ද රුපියල් 25කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

නව වසරේ රාජකාරි ආරම්භ කෙරෙන අද දිනය තුළ රාජ්‍ය ආයතන තුළ නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයා මේ බව සදහන් කළා. 2024 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය අද ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 09.00 මෙම උත්සවය ආරම්භ වීමට නියමිතයි. මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි රාජ්‍ය සේවාවක් ලබාදීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366 ක්. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 464ක් ලෙසයි. ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක්. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.…

තව කියවන්​න