Author: Anura Premakumara

වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අගෝස්තු මස 03 වනා ගන්දර, කපුගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමට සහ අගෝස්තු මස 24 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19…

තව කියවන්​න

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න
අද දවසේ කාලගුණ තත්ත්වය

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ නැගෙනහිර පළාත්වලත් මුලතියෝ දිස්ත්‍රික්කයෙත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින වටා මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් ඉදිරි පැය 24ක කාලය සඳහා කලගුණ නිවේදනය ද නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළඟ සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් තිස්පහක් පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට…

තව කියවන්​න

මෙරටට අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. ශ්‍රී ලංකාව සමග යහපත් සබදතා වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම යන කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දූත මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කළා. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඉන්දුනීසියා තානාපති එස් එස් ප්‍රේමවර්ධන, බ්‍රසීල තානාපති සී ඒ සී අයි කොලොන්නේ, මාලදිවයින් මහ කොමසාරිස් එම් ආර් හසන්, තුර්කි තානාපති පී බී කදුරුගමුව, නේපාල තානාපති රුවන්ති දෙල්පිටිය, කොරියා තානාපති එම් කේ පත්මනාදන්, ඕමාන තානාපති කේ එස් ද අල්විස් යන මහත්ම මහත්මීන් මෙම දූත මණ්ඩල පිරිසට ඇතුළත්.

තව කියවන්​න

අගමැතිනිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වනවා. අදාළ පිරිස ඒ ඒ අමාත්‍යංශවලින් ඉන්ධනා දිමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනා අවශ්‍ය නොවන බවයි ඔවුන් දන්වා ඇත්තේ.

තව කියවන්​න

පොලිස් පරීක්‍ෂකවරුන් 51 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. තරග විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන්ට මෙම උස්වීම් ප්‍රදානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ. තරග විභගාය 2023 වසරේදී පවත්වා තිබෙනවා. ඊට පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ නිලධාරීන් 51 දෙනෙකුට ජාතික පොලිස් කොමිසයේ අනුමැතියෙන් පසුව සහකාර පොලිස් අධිකාරි තනතුරට නිල වශයෙන් පත් කර තිබෙනවා.

තව කියවන්​න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු ලබාදීමට පෙර එය යූටියුබ් මගින් හෙළිකරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා. එම පෙරමුණේ හැටන් කාර්යාලයේදී මේ බව පැවසු ඉලංගෝ ගාන්දු මහතා එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට අරන් තියෙනවා. මෙය කනගාටුවට කරුණක්. මේ රට කඩා වැටුණු විට රට ගොඩ ගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා. එදා මේ රට කඩා වැටුණු වෙලාවේදී මේ රට බාරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒත් එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාරගෙන මේ රට වැටී තිබුණු…

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(24) දින අලුයම මල් තුහින පතිත වී තිබෙනවා. බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහින පතිත වී තිබූ අතර බගවන්තලාව ප්‍රදේශයේ අද දින උදෑසන කාලයේ අධික සීතල කාලගුණයක් තිබූ බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

තව කියවන්​න

මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටූ පුද්ගලයෙකු ජීවිතවක්්‍යට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වූ යකාවැව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු දුම්රිය ගේට්ටුවෙහි තාවකාලිකව ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරී යෙධී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තව කියවන්​න

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව උක්ත මාර්ගයේ අදාළ කොටසේ රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ. අද(24) දින දිවා පෙරහර දහවල් 01 සිට රාත්‍රී 10 දක්වාත් හෙට(25) සහ 26 දිනයන්හි පෙරහැර රාත්‍රී 7 සිට අලුයම 2 දක්වාත් කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්f පාලිසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න