Author: Anura Premakumara

උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට  සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරු මැද පළාතට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වැසි තත්ත්වය හමුවේ කිරිඳි ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි පහළ කොටසේ ජිවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා. එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඔලුවිල් මණ්ඩපය ලබන 16 වන දින තෙක් වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. මේ අතර වර්ෂාව හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.…

තව කියවන්​න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ප්‍රවේශපත්‍ර නොමැතිව හෙට දිනයේදී තරගය නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි. දෙරට අතර පැවති පළමු සහ දෙවන එක්දින තරගය නැරඹීම සදහා අවම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ද නොපැමිණීම හේතුවෙනුයි හෙට තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇත්තේ. මෙරට පැවති එක්දින තරගයක් නැරඹීම සදහා අඩුම ප්‍රේක්ෂක සහභාගිත්වයක් හිමිවු පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගය හෙට පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75 ක් සම්පුර්ණ වීම නිමිත්තෙනුයි ඇය දිවයිනට පැමිණ ඇත්තේ. ඈන් කුමරිය සමග ඇයගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් මහතා ද දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත මහාචාර්ය ඩී. එම්. එස්. එස්. ලක්ෂ්මන් දිසානායක මහතා අද දිනයේදී රාජකාරි කටයුතු භාරගෙන තිබෙන බව සදහන්. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා . ඒ අනුව ඉදිරි මාස දෙක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ . ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා .

තව කියවන්​න

මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ල කතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර කලා වැව, රාජාංගණය ඇතු`ඵ දිවයිනේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් එම ජලාශ අවට වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර නායයාමක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, හැලිඇල – උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් තවදුරටත් අවහිර වී තිබෙනවා. එමෙන්ම මහවැලි ගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ, මනම්පිටිය – ගල්ලෑල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජනතාවගේ ගමන්…

තව කියවන්​න

වෙළදපොලේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සීනි ව්‍යාපාරිකයින් පවසන්නේ. එමෙන්ම දුඹුරු සීනි, පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවලින් පමණක් නිෂ්පාදනය කරනු ලබනවා. සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 322 ක මිලකට ඊයේ අලෙවි වුණා. කෙසේ වෙතත් වැට් බද්ද සියයට 18 කින් සහ සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.6 ක් එකතු වීමෙන් සීනි කිලෝග්‍රෑමයක මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව සදහන්. මේ අතර ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමයක් මේ වන විට වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 265 ක මිලකටයි.

තව කියවන්​න

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද සභාවට දැනුම් දුන්නා. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ චමින්ද විජේසිරි මහතා ඉවත් වීමත් සමග ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක් පවතින බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට සිට ලබන 17 වන දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ. මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමග මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම එම කණ්ඩායම විසින් සිදු කිරීමට නියමිතයි. එම නියෝජිතයින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශ සහ මහ බැංකු නිලධාරින් සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

කලා වැවේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක යළිත් විවෘත කර තිබෙනවා. මේ දිනවල කලා වැව ආශ්‍රීත ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් කලා වැවේ ජල මට්ටම යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් අද උදෑසන 8.30ට පමණ විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවන් පවසන්නේ. ඉන් තත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙනවා. එම නිසා ජලාශයෙන් පහළ කොටසේ කලා වැව භාවිත කරන පුද්ගලයන් සැලකිලිමත් වන ලෙසටද ඉල්ලා සිටිනවා.

තව කියවන්​න