- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: Anura Premakumara
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී විශේෂ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ බාධා එල්ල වුණා. මෙලෙස පීලි පැනීමට ලක්වූයේ විදෙස් රටක චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ලබා දී ඇති දුම්රියක් බව සඳහන්. විශේෂ අවසරයක් යටතේ අදාළ චිත්‍රපටය රූගත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 24 සිට 29 වනදා දක්වා මෙම මැදිරි 6ක විශේෂ දුම්රිය සපයා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පැනවූ ක්‍රිකට් තහනම ඊයේ ඉවත් කෙරුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ද සිය එක්ස් ගිණුමේ පණිවිඩයක් තබමින් මීට පෙර මේ බව සදහන් කළා. ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත් වීම් සිදු වන බව පවසමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය නොවැම්බර් 10 වැනිදා පියවර ගත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයෙකු ලෙස සිය බැදීම් බරපතල ලෙස කඩකරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මණ්ඩලය එදින රැස් වූ අවස්ථාවේ…
මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජෝර්දාන- සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාරය රැඩිකල් ඉරානයේ අනුදැනුම ඇති සටන්කාමී කණ්ඩායමක් විසින් එල්ල කර ඇති බවත්, ඒ සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සිදු කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට නියමිත බවයි එම කමිටුව සදහන් කලේ. ඒ, අනුව රජයේ විධායක නිලධාරීන් අද දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමය සඳහන් කළේ. රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාව හා තෝරාගත් ක්ෂේත්‍රයන්ට පමණක් වැටුප් හා දීමනා ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වන අසාධාරණය යන කරුණු මුල් කර ගනිමින් මෙම සංගමය මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි. මේ අතර අද දිනයේ දීම කොළඹ දී විරෝධතා රැස්වීමක් ද…
කතරගම, සෙල්ලකතරගම මාර්ගයේ පස්සරයාය හන්දිය අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සෙල්ලකතරගම සිට කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක, ගස් දෙකක සහ බූම් ට්‍රක් රථයක ගැටී මෙම අනතුරු සිදුව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 25 හැවිරිදි කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මෘත ශරීරය කතරගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
76 වන නිදහස් දින සැමරුම සදහා වන පෙරහුරු පැවැත්වෙන දිනය සංශෝධනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු හෙට ආරම්භ වන බවයි. කොළඹ ගාලු මුවදොර දියි මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ. ඒ අනුව එහි පෙරහුරු කටයුතු හෙට සිට පෙබරවාරි 03 වනදා දක්වා පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. අදාළ කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්ම කිරිමට සැලසුම් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කටුනායක අධිවේගී මර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද(25) අලුයම 2ට පමණ සිදු වූ රිය අනතුරකින් අමාත්‍යවරයා මියගොස් ඇති බවයි. එම අනතුරෙන් තවත් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ අමාත්‍යවරයා රැගත් රථය එම දිශාවට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අමාත්‍යවරයා රැගත් සුඛෝපභෝගි රථය කන්ටේනර් රථයේ ගැටීමෙන් අනතුරුව අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ අමාත්‍යවරයා සහ තවත් දෙදෙනකු රාගම රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ සෙසු දෙදෙනා අමාත්‍යවරයාගේ රථයේ රියදුරා සහ ආරක්ෂක නිලධාරියායි. රෝහල්…
චීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි අගය රික්ටර් මාපකයේ ඒකක 7 ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු. 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බවයි. එමෙන්ම පෙරවරු කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි. එමෙන්ම මෙම කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602ක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222