- අද සිට සතොස ගබඩා 06 ක්
- කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක්
- සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
Author: Anura Premakumara
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා අද විපක්ෂ නායකවරයා හමු වී සමගි ජනබලවේගය හා එක්වුණා. එහිදි ජෙනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා. දයා රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ඔහු රජයේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරනු ලැබුවා.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාවේ සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට පිවිස තිබුණේ ධීවරයින් 06 දෙනෙකු සමගින්. එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දුන් බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළා. සෝමාලියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන යාත්‍රාවේ…
දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ සදහා අයකරනු ලබන ගාස්තුව පෙබරවාරි මස පළමුවනවදා සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අංක 2367/12 යන විශේෂ ගැසට් පත්‍රය මගින් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනිකුත් රෙගුලාසි සදහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බව සදහන්. එම ගැසට් නිවේදනයට අනුව පාර්සල් ප්‍රවාහනය කරන විටද ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මතද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබෙනවා.
මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට කඩ පෙළක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එහිදී මාවනැල්ල පොලීසිය, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ. ගින්නෙන් පලතුරු, රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ තිබූ කඩ රැසක් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
රාජ්‍ය අංශයේ විධායක සේවා ගණයට අයත් නිලධාරින් අද දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලබන්නේ වැටුප් විෂමතා ඇතු`ඵ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින්. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව ඇතුළු වෘත්තිය සංගම් 17 ක් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව තිබෙනවා.
බි්‍රතාන්‍ය රාජකීය හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. එච්.එම්.එස්. ස්පේ නම් නෞකාව මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර එම නෞකාව මීටර් 90.5 ක් දිගින් යුක්ත බව සදහන්. එම නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් පෝල් කැඩී කටයුතු කරන අතර 56 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මෙම නෞකාවෙන් මෙරටට පැමිණ තිබෙනවා. අදාළ නෞකාවෙන් පැමිණි භට පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී මෙරට නාවික හමුදාව සමග එක්ව බටහිර නාවික විදානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසවල නිරතවීමට ද සැලසුම් කර ඇති බව සදහන්.
ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඉන්දියාව වැනි රටවල් විසින් ශ්‍රී ලංකාව ග්‍රහණයට නතු කරගැනීම වහාම නැවැත්විය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර මෙරට ආර්ථික ස්වෛරීත්වය ඇති කිරීමට නම් රට තුළ ක්ෂණික වෙනසක් සිදු කළ යුතු බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. එමෙන්ම ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් මැතිවරණයකින් ජයගනීද නැද්ද යන්න පිළිබදව සමීක්ෂණ සිදුකරමින් සිටින බවයි.
ඉදිරියේදී වක්‍ර බදු හදුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට මේ තුළින් බලාපොරොත්තු වන බවයි. වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම, සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවටත් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා. එළඹෙන වසරේදී නව දේපළ බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දී තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. 1997 දුරකථන අංකයට පසුගිය 14 වැනිදා ලද පැමිණිල්ලක් මත සමනළවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ එලෙස අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුන් එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222