- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය වන්නැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමකට, ආසියානු සංවර්ධන බැංකුවෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව, (SMART AGRICULTURE) නවීන තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ත්ව පාලන අංශයන්හි සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත. පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේ, මහවැලි කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය (SMART AGRICULTURE ) කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට මූල්‍ය සහාය මෙන්ම, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ලබාදීමට…
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අද(15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. මේ පිළිබඳ කරන ලද විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු කියා සිටියේ මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු අද(15) දින අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු…
ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ ජනපති අපේක්ෂකයින්ට සහය ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. විවිධ අපේක්ෂකයින්ට සහය ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය අංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා. එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීම සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබුණා.
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදි අද (07) දින පිලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. උඩරට මැණිකේ දුම්රිය අද (07) දින දහවල් 12.30 ට පමණ පිලීපැනීමට ලක් වු බවත්, එම දුම්රියේ පසුපස එන්ජිම සහ පළමු පන්තියේ මැදිරි දෙකක් පිලීපැන ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසනවා. පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ. පීලිපැන ඇති දුම්රිය පීලිගත කරනතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගින් නාවලපිටිය සහ ගම්පොල දුම්රිය ස්ථාන අතර ලංගම බස් රථවලින් ප්‍රවාහන…
ලිපිකාරිනියකගේ වැටුප් වැඩි කිරීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන දඹුල්ල ප්‍රදේශයේ හෝටල් සමූහයක මානව සම්පත් කළමනාකාරවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 59 වන වියේ පසුවන මෙම මානව සම්පත් කළමනාකාරවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පුසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද පළමු නඩුව මෙය වනවා. ඒ් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය යටතේයි. සැකකාර මානව සම්පත් කළමනාකාරවරයා අදාළ ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම සඳහා වැටුප් වැඩි කිරීමක් සහ 75%ක දීමනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. අදාළ…
යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට වෙඩි තබා, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අද(07) උදැසන අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ පලෙයි ප්‍රදේශයේ සිට නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිළධාරීන් නියෝග කොට ඇති අතර, සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇති බවයි. එහිදි ටිපර් රථය නවත්වා ගැනීමට ටිපර් රථයේ ටයර් වෙත වෙඩි තැබීම සිදුකොට ඇති අතර, ටිපර් රථය එහිදි පෙරළි ඇති බවත්, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. නීති විරෝධි අයුරින් සිදුකරන වැලි ප්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු…
වයස අවුරුදු 9ක් සහ 5ක් වූ තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක් කරන ලද බව කියන එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි පියෙකි. මෙම පුද්ගලයා දිඹුලපතන පොලිස් බලප්‍රදේශයේ වතු යායක පිහිටි සිය බිරිඳගේ නිවසේ පදංිචිව සිටින අතුරතුර ඉකුත් 5 වනදා රාත්‍රී කාලයේදී මෙලෙස දරුවන්ට පහරදී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සැකකරුගේ බිරිඳ විදෙස්ගතව ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන සේදුම් ස්ථානයක සේවය කරන්නෙකු බවටත් දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිටින බවටත් අනාවරණ වී තිබෙනවා. එසේම විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දරුවන් පියාගේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් මෙලෙස අමානුෂික…
අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙසින් තමන් හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළෙ බවට චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද(07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදුන් බවයි වී නිව්ස් අධිකරණ වාර්තාකරු කියා සිටියේ. ඒ මහින්ද කොඩිතුවක්කු නමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇප නියෝගය නිකුත් කරමින් අධිකරණය කියා සිටියේ සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සතියේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික සායනය…
9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. අද උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වූ අතර එහිදි පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අනතුරුව කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ද සිදු වුණා. නව සභාවාරයේ ආරම්භය ඉතාමත් චාම් අයුරින් සංවිධානය කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණේ. ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි කිසිවක් අද දින නොපැවැත්වීමටයි තීරණය කර තිබුණේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසලදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටුකොටගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය…
පළාත් පාලන ආයතනවල සීමානීර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය සදහා ඊයේ දින කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසර ලබාදීම සිදු කරනු ලැබුවේ. අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. මේ අනුව දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නීතිඥවරුන්ගේ විරෝධතාවලට යටත්ව අදාළ සීමානීර්ණ කමිටු වාර්තාව සහ සෙසු ලේඛන ලබන 14…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222