- ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන
- කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
- නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව විහේෂ සැමරුම් උත්සවයක්
- දිවයින පුරා සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක්
- කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
- පොලිස් ජීප් රථය පැහැරගත් සැකකරු පොලිසියට භාරවෙයි
- තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
- ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
Author: Anura Premakumara
රට මුහුණ දී තත්ත්වය හමුවේ සන්සුන්ව අලුත් අවුරුද්ද සමරන ලෙස මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුබුරේ සිරි විමලධම්ම හිමියන් පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කරමින් මල්වතු පාර්ශවයේ අනු නා හිමියන් මේ බව ප්‍රකාශ කළා. මේ අතර අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පුජ්‍ය වරකාගොඩ සිරි ඥාණරතන හිමියන්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කර තිබෙනවා. අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් සදහන් කළේ සියලු දෙනා සාමයෙන් යුතුව අලුත් අවුරුද්ද සැමරිය යුතුව ඇති බවයි.
අලුත් අවුරුද්ද උදාවන අද සහ එළඹෙන සති අන්තයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම ද මෙහිදී සිදුකරන බවයි. බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට අදාළ නල අවශ්‍ය පරිදි සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සදහන් කළා. ගිනිකෙළි භාවිතයේදී පරීක්ෂාකාරී වන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ජනතාවයෙන් ඉල්ලා සිටියා.
එළඹෙන අවුරුද්ද මීටත් වඩා භග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට උත්සහ ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි බව ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ සදහන්. ඒ අනුව පක්ෂ පාට , ජාති ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
වී එෆ්.එම් සුර්ය සිරිත් මංගල්‍යය අද පෙරවරු 07 සිට ආරම්භ වූවා. මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි. ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් රැසක් වී එෆ් එම් විශේෂ මැදිරි සංකීර්ණ පරිශ්‍රය තුළ සංවිධානය කර තිබෙනවා. එම වැඩසටහන් සදහා සම්පත් දායකයින් වශයෙන් මහාචාර්ය සමන් වීරක්කොඩි, කථිකාචාර්ය සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි , ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාළ , මනෝ විද්‍යා උපදේශක භාග්‍ය අබේසිංහ සහ ප්‍රවීන ජෝතිර්වේදී කේ ඒ යු සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් එක්වීමට නියමිතයි. මේ සුර්ය සිරිත් මංගල්‍යය සජීවි විකාශය පිළිබද විශේෂිත මැදිරියේ සිට අදහස් දක්වන පබසර රෝහණ.
ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයෙකුට පහරදී රාත්‍රං කිලෝ 2ක් පැහැරගෙන ඇති බවට පොලිස්පතිවරයා නිර්නාමික පෙත්සමක් ලැබී තිබෙනවා. ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් , පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු වන බවයි පොලිසිය සදහන් කළේ.
ප්‍රදේශ රැසකට අද අවදානම් උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් විජලය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. වැඩබිම්වල සිටින පුද්ගලයින් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවන සහිත ස්ථානවල හැකිතාක් රැදී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. එමෙන්ම නිවෙස්වල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබෙනවා ඒ ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති මහතා ඇතුළු කණ්ඩායමක් විසිනුයි. වෙරළට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍ය නෞකාවකින් මුහුදට මුදාහරින ලද අපද්‍රව්‍යයක් විය හැකි බවට ඔවුන් සැකකරනවා. කෙසේවෙතත් එම ද්‍රව්‍ය නිරීක්ෂණයට එක්වු කණ්ඩායම අදාළ ආගන්තුක ද්‍රව්‍යයේ සාම්පල කිහිපයක් රැගෙනගොස් තිබෙනවා.
අම්බලන්ගොඩ අකුරළ මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු ගසාගෙන ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති සිසුන් තිදෙනාගෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇති බවයි. ඔහු මීටියාගොඩ වෙදවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්. දියේ ගසාගෙන ගොස් තිබු අනෙස් සිසුන් දෙදෙනාගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසින්ට හැකි වී තිබෙනවා. මෙලෙස දිවිබේරා ගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා. අවුරුදු නිවාඩුවට මිතුරෙකුගේ නිවසට යන බව සිය නිවෙස් වලට පවසා මුහුදේ දියනෑමට ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ අතර අලුත් අවුරුදු සමයේ සිදුවිය හැකි අනතුරු පිළිබද අවධානයෙන් පසුවන්නැයි කොළඹ මහ රෝහලේ ජාතික පුහුණු කිරීමේ…
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය 08ක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා. පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසන්ගතය සහ රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ගෙවුණු වසර කිහිපය තුළ අලුත් අවුරුද්ද සැමරීමට සිදුවුයේ ගැටළු රැසක් මධ්‍යයේයි. පැවති විවිධ බාධා තත්ත්වයන් යම්තාක් දුරකට සමනය වීම හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද මෙරට ජනතාවට සුවිශේෂි වනු ඇති. මෙවර අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද පෙරවරු 08.35ට ආරම්භවනවා. පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ. ආහාර පිසීමේ නැකත උදා…
ආනයනික තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ති බෙනවා. මෙම බිත්තර තොගයද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වනවා. අදාළ බිත්තර තොගය බේකරි නිෂ්පාදකයින්ට සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරබ්ඹ කළ බවයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ. ශ්‍රී ලංකාව තුළ පවතින බිත්තර හිඟයට පිළියමක් ලෙසට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වූවා. ඒ අනුව මෙරටට ගෙන්වන වන තෙවන බිත්තර තොගය මෙය වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222