Author: Anura Premakumara

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන්ට අයත් විෂයන් සහ ආයතන ගැසට් කර තිබෙනවා. ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලු‍ රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මෙන්ම, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට යටතටයි පවරා ඇත්තේ.

තව කියවන්​න

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා . අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය සිසිල් ප්‍රේමජයන්ත මහතා විසින් . එම ගැසට් නිවේදනයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති සියලු‍ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන ආයතන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබෙනවා .

තව කියවන්​න

දික්වැල්ල – වලස්ගල දෙමටපිටිය මංසන්ධියේදී නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙමටපිටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිිරිදි පුද්ගලයෙක්. මොහු දෙමටපිටිය මංසන්ධියේ බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ රාත්‍රියේ වෙළඳසැල වසා නිවසට යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

තව කියවන්​න

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 25% කින් ඉහළ ගොස් තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ මිල ගණන් ඉහළ යාම හමුවේ වැඩි වශයෙන් රෝගීන් රජයේ රෝහල් වෙත යොමු වන බවයි. බාහිර රෝගී අංශය සහ සායනවලට පැමිණෙන්නන් මෙලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ . මේ අතර, ආයුර්වේද රෝහල්වල ද බාහිර රෝගී අංශවල වැඩි රෝගීන් පිරිසක් සිටින බව ද වෛද්‍ය සමන් රත්නායක මහතා කියාසිටියා .

තව කියවන්​න

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අවලංගු කළ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටවුකින් වාර්තාවක් කැඳවා ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යොජනාවක් මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර වාර්තාව කැඳවා ඇත්තේ ඒ යටතේ ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් ය. එය ලැබීමෙන් අනතුරුව ව්‍යපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළේ ය. ‍ ජපාන මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට අයෝජනය කිරීමට සැලසුම් කළ මුදල ඩොලර් මිලියන 1800 කි. මෙමගින් කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා කණු මතින් දිවෙන මෙම සැහැල්ලු‍ දුම්රිය මාර්ගයට අතුරු දුම්රිය…

තව කියවන්​න

යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ 100 හැවිරිදි වියේ පසුවූ රසාවින් තෝට්ටම් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් . ඒ අනුව එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 6 ක් වනවා . සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා . ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබුවා . පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා . ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම…

තව කියවන්​න

වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරකණයක් නිෂ්පාදනය කර තිබෙනවා. මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ. මෙම නව නිෂ්පාදනය ඉංජිනේරු මනතුංග ශෙරෝන් දීප්ති ජීවකාන්ත ද සිල්වා විසින් නිශ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය ලු‍නුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීමක් මතයි.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියාසිටියා . මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි . මේ අතර නැගෙනහිර පළාතේත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට…

තව කියවන්​න

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා ඇතුලු‍ එහි විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි. මෙහිදී ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා ණය ආධාර වෙන් කිරීමටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ. විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලි ගාස්තු, විදුලිබල ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ට එය ආරම්භ කිරීමට නියමිතයි. සමගි ජන බලවේගය මැයි දින රැලිය මෙවර පවත්වනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ – පී.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේ දීයි. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියේ පෙළපාලිය මෙවර බී.ආර්.සී. ක්‍රීඩාංගනයෙන් ආරම්භ කර විහාර මහාදේවී උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසල දී මැයි දින රැලිය පැවැත්වීමට…

තව කියවන්​න