- පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
- ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
- වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ
- රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට
- සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට
- වාහන සම්බන්ධ නීතිය හෙට සිට දැඩි වෙයි
- ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක්වෙයි
- සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
Author: Anura Premakumara
කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව පවසනවා. අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදියේ පසු වූවා. අපවත් වී වදාළ දොඩම්පහල චන්දසිරි මහනායක හිමියෝ 2021 ජූලි මස 20 වන දින අමරපුර මහා නිකායේ මහනායක ධුරයට පත්වූවා. ඒ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ පදවිය සඳහායි. මිසිනෝනා උපාසිකා මාතාව සහ සරනේරිස් සිල්වා මහතාට දාව 1939 දෙසැම්බර් මස 20 වන දින මාතර දොඩම්පහල ප්‍රදේශයේදී උපත ලද මේ පින්වත් කුලකුමරු 1950 නොවැම්බර් 25 වන දින කුඩාවැල්ල වාලුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති,…
නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ දැරියගේ පියා විසින් නෙළුව පොලිසියට අදාළ පැමිණිල්ල යොමු කර ඇති බවයි. අදාළ පැමිණිල්ල ගොනු කරමින් දැරියගේ පියා පවසන්නේ දැක්වෙන්නේ අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නමැති හත් හැවිරිදි දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවයි. පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දරුවාගේ මවගේ නංගි සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස් කාලයේ දරුවා බැලීමට පැමිණ ඇති බවට වාර්තා වනවා. දරුවාගේ පියා පවසන්නේ තමන් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බවට රාත්‍රී 7.10ට පමණ ආරංචි වූ බවයි. දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ දරුවාගේ…
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික පලපුරුද්දක් ඇති සේවක පිරිසක් සහිත ආයතනයක් වන ඩ්‍රයව්ලයින් (Driveline) ආයතනය මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනාගැනීමට සමත්වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි මෙම උළෙල පැවැත්වුණා. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙරට පරිසර සමතුලිතතාවය හා එහි ආරක්ෂාව සංරක්ෂණය වෙනුවෙන් කැපවුනු පුද්ගලයින් හා ආයතන හදුනාගැනීමටත් ඒවා බලගැන්වීමටත් කෙරෙණු ලබන ප්‍රධාන හා අද්විතිය වැඩසටහනක් ලෙස සැලකෙනවා. ඩ්‍රයිව්ලයින් ආයතනය තම ආයෝජනයේදී මෙම පරිසර හිතකාමී බවට ප්‍රායෝගිකවම මුල්තැනදී කටයුතු කරණු ලබනවා. එය අද්විතීය පාරීභෝගික සේවාවට මෙන්ම පාරිසරික සමතුලිතභාවය රැකගැනීමට එකසේ…
කළුතර මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සිව් දෙනෙක් අද(15) යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය පුද්ගලයා සහ අදාළ හෝටලයේ හිමිකරුගේ බිරිඳයි. එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කර සිටියේ ලැඟුම් හල් හිමිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහරින ලෙසයි. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මතයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා මැයි මස 26 වනදා දක්වා යළි…
මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින් පවසනවා. එම නිසා එවැනි මධ්‍යස්ථාන සඳහා අවසර ලබානොදීමට කටයුතු කරන ලෙසට මැදවච්චිය ප්‍රදේශයේ බලලත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි එම ප්‍රදේශවාසින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 55,000ට ආසන්න ජනසංඛ්‍යවක් ජීවත් වනවා. ජනතා හිතකාමී ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවය මහජනතාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට මෙම නගරය ඉලක්ක කර ගනිම්නි නව සම්බාහන මධ්‍යස්ථානයක්ද නැවත ආරම්භ වෙමින් පවතින බවත් එහි හිමිකරුවන් ඒවා පවත්වාගෙන යාමට අනුමැතිය ලබා ගැනීමට මුදල් පවා වියදම් කරන බවත් ගම්වාසීහු වැඩිදුරටත් පවසනවා. මහජනයාට…
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (12) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පවසනවා. බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවෙකුගේ පයට පැගිමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන්ට පහර දි තුවාල සිදු කර ඇති බවයි වතු පාලන අධිකාරිය කියා කියා සිටියා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත හය දෙනාගෙන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබා ලබා පිටව ගිය බවත්, බඹරුන් විශාල ලෙස පහර…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිට තිබෙනවා. අමාත්‍ය ටිරාන් අලස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, චාමර සම්පත්, නාමල් රාජපක්ෂ, කතානායක මහින්ද යාපා ඇතුළු පිරිසක් ඇතුළුව තවත් මැතිඇමැතිවරුන් එක්ව සිටියා. සිය උපන්දින සාදයේ ඡායාරූප සනත් නිශාන්ත මහතාගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා ඊයේ (11) දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත වූවා. නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රාවන්ගේ රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් හටද අවස්ථාව විවර කිරීමට නාවික හමුදාව විසින් ගත් තීරණයකට අනුව වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරීන් සහ නාවිකයන් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදීම සිදුකෙරුණා. එහිදී මූලික ජලතරණය,…
මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පොලිසිය වෙත ලද පැමිණිලි තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසනවා. සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පසුගිය 07 වැනිදා පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කොට තිබුණා. පැමිණිලි අනුව සිදුකළ පරීක්ෂණයන්හිදි එවැන්නක් මෙතෙක් තහවුරු වී නොමැති බවත්, සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළි කරගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ මෙතෙක් මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර…
පකිස්තානයේ හිටපු අග්‍රාමාතය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද්හි අධිකරණයෙන් පිටතදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේදියි. පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්(PTI) පක්ෂයේ ෆවාඩ් චෞද්රි ට්විටර් පණිවුඩයක් තබමින් ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීම අද(09) තහවුරු කර සිටියා. පැරාමිලිටරිය විසින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222