Author: Anura Premakumara

ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා . සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වර්තවනවා . ඒ අනුව, දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වනවා . මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණා . එමෙන්ම විදේශීය වැඩිහිටියන්ට උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව වාර්තා වනවා . විදේශීය වැඩිහිටියන් සඳහා…

තව කියවන්​න

ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහත අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා

තව කියවන්​න

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට ලබන 26 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි බදු සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය අද දිනයේදී පැවැත්වෙනවා

තව කියවන්​න

අවුරුදු 5ත් 10ත් අතර වයස්වල දරුවන්ගේ 21% ක පැවති මිටි භාවය 2022 වර්ශයේ 26%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 5%ක වර්ධනයක් බවයි ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා කාර්‍යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කළණ පීරිස් පවසන්නේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිසි පොෂණය නොලැබුනොත් දරුවන්ගේ බුද්ධි වර්ධනයද සීග්‍ර ලෙස අඩු විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම රටෙහි දරුවන්ගේ අනාගතයට ප්‍රබල ලෙසම බලපානු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

තව කියවන්​න

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු තහනම් වනවා . මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වනතුරු අදාළ තහනම බලාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ . ඒ අනුව මෙරව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවන් උපකාරක පන්ති පැවැත්වීම ,විෂයානුබද්ද දේශන, සම්මන්ත්‍රණ,වඩමුළු පැවැත්වීම මෙන්ම ප්‍රශ්න හා පිලිතුරු මුද්‍රණය බොදා හැරීම ආදි සියලු කටයුතු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්තුමා කියා සිටියා

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා. මෙහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. චෙන්නායි හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එන යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය ලබා දෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද පැවති…

තව කියවන්​න

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව ජූනි මස 3 වන දා දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සදහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තබන ලෙස නියෝග කළ බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. එමෙන්ම රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව එම සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරා සැල් ලබන 31 වනදා සිට ජූනි මස 6 වන දා දක්වා වසා දමන ලෙස නියෝග කර තිබෙනවා. එමෙන්ම බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරන සුරා සැල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

උතුරුදිග ඉතාලියේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 36 000 ක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා පැවසුවේ. බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිල්ලි නගරයට උණුසුම් කාලගුණයක් පැවතුණද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය සතියේදී අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

තව කියවන්​න

බිස්කට් මිල අද සිට අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සියයට 8 ත් – 15 ත් අතර ප්‍රමාණයකින් බිස්කට් මිල අඩු කිරීමට එම සමාගම් තීරණය කර ඇති බව සදහන්. සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළදපොලට නිකුත් කිරීම ආරම්භ  කර ඇති බව ද නිෂ්පාදන සමාගම් පැවසුවා.

තව කියවන්​න