Author: Anura Premakumara

සයිබර් ආරක්ෂණ පනත මගින් අපේක්ෂා කරනුයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සතු දත්ත ආරක්ෂා කිරීම බවයි අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලේ එමගින් සමාජ මාධ්‍යට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුනා එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ

තව කියවන්​න

නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය ජූනි මස පළමුවන දා සිට බලාත්මක වනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබදව කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම සදහා ජූනි මස පළමුවන දා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.…

තව කියවන්​න

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා හෙට  පෙරවරු 8.30ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසට අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබුනේ. එහිදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ දේහය ගොඩගැනීම සදහා අවශ්‍ය සියලු‍ම පහසුකම් සලසා ඇති බවයි. දේහය ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ගාල්ල කාරපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිත බවත් ඒ පිළිබඳව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පලකර ඇති බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්‍මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ දී මෙම විශේෂ මෙහෙයුම් සිදු කලා. මේ අතර නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය අයතනය මඟින් මුලිතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි ලෙස  ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා තුනක්  සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනුණා. එමෙන්ම, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු…

තව කියවන්​න

යම් කිසි ප්‍රදේශයකට පොහොර නිසි පරිදි ලැබී නොමැති නම් එය නිලධාරින්ගේ වරදක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විවිධ දේශපාලන පක්ෂවලට ගැතිව කටයුතු කරන නිලධාරින් හේතුවෙන් සිදු කරගෙන යන ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය සදහා ද යම් කිසි බාධාවක් සිදුවන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ඉන්දීය විනිසුරු ජටින් කාශ්‍යප් ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා අයිගසීගසී දූෂන මර්දන සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 2022 වසරේ පැවැති ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකදී ඔහු මෙම වගන්ති උල්ලංඝනය කර ඇති බවට හදුනා ගෙන තිබෙනවා චෝදනා සදහා ප්‍රතිචාර දැක්වීමට එම විනිසුරුවරයාට දින 14 ක කාලයක් ලබා දීමටයි අයිගසීගසීය පියවර ගෙන ඇත්තේ

තව කියවන්​න

මේ දිනවල පැපුවා නිව්ගිනියා හි සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ආරක්ෂක ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්. පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිටින ප්‍රාදේශීය නායකයින් 06 දෙනෙකු සමගයි මෙම ගිවිසුමට එළඹ ඇත්තේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැපුවා නිව්ගිනියා හි සංචාරයක නිරත වීමට නියමිතව තිබුණත් අවසන් මෙහොතේ එය අවලංගු කරනු ලැබුවේ ජී 7 සමුළුවත් සමග ජනාධිපතිවරයා කාර්ය බහුල වීම හේතුවෙන්. කෙසේවෙතත් ඇන්තනි බ්ලින්කන් සිය සංචාරයේදී ඩොලර් මිලියන ගණනක ආධාර ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා.

තව කියවන්​න

බටහිර ස්පාඤ්ඤයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් අක්කර විසිදහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. ස්පාඤ්ඤ පෘතුගාල දේශසීමා ආසන්නයේයි මෙම ලැව්ගිනි හටගෙන ඇත්තේ. 600ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම් පියවරගෙන තිබෙනවා. ලැව්ගිනි පාලනය කිරීම සදහා 500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං හේතුවෙන් ලැව්ගිනි මැඩපැවැත්වීම අසීරු කාර්යක් වී ඇති බව ගිනි නිවන කණ්ඩායම් පවසනවා. ස්පාඤ්ඤ ප්‍රාදේශිය මැතිවරණය ලබන සතියේ දී පැවැත්වීමට නියමිත අතර ලැව්ගිනි හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ද අත්හිටු වීමටයි දේශපාලන පක්ෂ පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතර විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවති කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

තව කියවන්​න

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

තව කියවන්​න