Author: Anura Premakumara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද ජපානය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. ඔහු අද සිට ලබන 27 වන දා දක්වා ජපානය තුළ රැඳී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම නිල සංචාරයේදී ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිංගප්පූරුව වෙත පිටත්ව ගිය අතර ඔහු එහිදි සිංගප්පූරු රජයේ නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතු`ඵ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

තව කියවන්​න

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුරයට යන බැතිමතුන්ගේ පහසුව සදහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ.ඉදිපොල මහතා සදහන් කළේ. එම සේවාව ලබන 2 වන දා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රි යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්‍රං ඇතුඵ භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා. රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකථන 91 එලෙස රාජසන්තක කළ බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකථනවල වටිනාකම රුපියල් කෝටි අටහමාරකට අධික වෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබි්‍ර රහීම් මහතා රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ පෙරවරුවේ ඔහු රේගු භාරයට ගැණුනා. ඒ ඩුබායි සිට පැමිණි අවස්ථාවේදියි.

තව කියවන්​න

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකින් තුවාල  ලබා තිබෙනවා ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ හැටන් ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක්  පයට පැගිමෙන් පසු ඇවිස්සුණු බඹරුන්  තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ වතු කම්කරුවන් 04 දෙනෙකු  පහර දි ඇති බවයි සදහන් වන්නේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නෙ

තව කියවන්​න

පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ මොවුන් ඊයේ දිනයේදී පාසලට පැමිණ ඇති අතර එහිදී පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස විනය භර ආචාර්යවරයා සිසුන්ට අවවාද කර තිබෙනවා පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි

තව කියවන්​න

මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස්රථ අද දිනයේ ධාවනයේ නොවන බව සඳහන්

තව කියවන්​න

එක් දින තරග තුනකින් යුතු ක්‍රිකට් තරගාවලියක් සදහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා . ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කලේ . තරගාවලියට අදාළ තරග සියල්ල හම්බන්තොට , සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර , දෙරට අතර පළමු එක් දින තරගය ජුනි 2 වන දා පැවැත්වීමට නියමිතයි .

තව කියවන්​න

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 දෙනෙකුට විදෙස් ගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා . ඒ පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් . නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළා .

තව කියවන්​න

සිරකරුවකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා . මෙලෙස පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව ,රෝහල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ . සිරකරුවන් දෛනික කාර්යන් අවසන්වි නැවත සිර මැදිරි සදහා යැවිමට පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් අනතුරුව කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු පලාගොස් ඇති බවටයි .

තව කියවන්​න

නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම නිමා වී තිබෙනවා . අදාළ පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසිනුයි පවත්වනු ලැබුවේ. එහිදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කරනු ලැබුවා . එමෙන්ම අදාළ මන්ත්‍රීවරයාට නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසයි .

තව කියවන්​න