Author: Anura Premakumara

පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආම්භ කරන බව පොලිසිය පවසනවා. පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධික්ෂණයට යටතේයි මෙම මෙහෙයුම සිදුවන්නේ. බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් අද සිට නව මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතයි. සන්නද්ධ ප්‍රහාරක පොලිස් බළඇණි 20 ක් මෙහෙයුමට එක්කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලි වලට බියක් දැක්වීම හා තවත් පිරිසක් සංවිධනාත්මක කණ්ඩායම් සමඟ සබඳතා පවත්වාගෙන යාම හේතුවෙන් අපරාධවල ඉහළ යාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සංවිධනාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අපොහොසත්වූ ප්‍රදේශ 62ක ස්ථානාධිපතිවරුන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත්කර තිබෙනවා .

තව කියවන්​න

මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරත වු ඉන්දීය ධීවරයින් 21ක් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ධීවර කටයුතුවල යෙදි සිටියදී මෙම ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ යාත්‍රා දෙකක් ද සමඟයි. උතුරු නාවික විධානයේ නිලධාරීන් මගින් තම භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් 21ක් දෙනා සහ යාත්‍රා දෙක කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව යාත්‍රා හා ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම වසරේ මේ දක්වා වු කාලය තුළ මෙරට මුහුදු…

තව කියවන්​න

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ ලකුණු 115ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

තව කියවන්​න

කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති 44වැනි සහෝදරයින්ගේ සටන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ සමත් වුණා. කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි.

තව කියවන්​න

47 වන ආනන්ද-නාලන්ද එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ආනන්ද විද්‍යාලය ඊයේ සමත් වුණා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 229ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළා.

තව කියවන්​න

අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි . මේ අතර මිනිස් ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් පමණ වන අතර මේ දිනවල පරිසර උෂ්ණත්වයද එම අගයට ආසන්නයි. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ත් 40 දක්වා ඉහළ යන අවස්ථාවල මිනිස් සිරුරේ වෙනස්වීම් රැසක් සිදු වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර මෙම තරඟය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටයි. ඊයේ පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් පවසනවා . ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හට ද අද…

තව කියවන්​න

රුසියානු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් හිමි කරගැනීමට වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමත්ව තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 87.8ක් ලබා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග පුටින් ඉදිරි අවුරුදු 06ක කාලය සඳහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. මෙම කාලය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ ව්ලැඩිමීර් පුටින් කටයුතු කළහොත් වසර 200ට පසු ජෝසෆ් ස්ටාලින් අභිබවා රුසියාවේ දීර්ඝ කාලයක් සේවය කළ නායකයා බවට පත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලිබියාවෙන් ගමන් ආරම්භ කර ඇති මෙම බෝට්ටුවේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් පෙරළී ගොස් සිදු වූ අනතුරුින් මෙම පිරිස ජීවතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහි සිටි තවත් විසිදෙනෙකු පමණ දිවි ගළවාගෙන තිබෙනවා.

තව කියවන්​න