Author: Anura Premakumara

සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පුද්ගලය 9 දෙනෙකු සහ කළුතරින් පුද්ගලයන් 7 දෙනෙකු හා ගාල්ලෙන් එක් පුද්ගලයෙකු ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි. එම සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

මෙරට ඉන්ධන වෙළදපොළට එක්වන ෂෙල් සමාගම අද සිට සිය ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අදාළ සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරයාට සේන්දු වී තිබුණා. ඒ අනුව ෂෙල් සමාගම විසින් අද සිට මෙරට ඉන්ධන පිරවුම් හල් 150ක ඉන්ධන අලෙවිය ආරම්භ කරනු ඇති. ලොව ප්‍රමුඛ ඛණිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම් පාර්ක්ස් සහ ෂෙල් සමාගම එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ ගොවීන්ගේ වී මිලදී ගැනීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. විපක්ෂය විසින් ගෙනන යෝජනාවට අනුව අද පස්වරු 12.30 සිට පස්වරු 06 දක්වා මෙම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති. මේ අතර මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් රුපියල් මිලියන 7500ක් වෙන්කර තිබුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ වී වගා කරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 5කට හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් මුදල් ගොවීන් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

තව කියවන්​න

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු යන පළාත්වල අද දිනයේ දී වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 90 වැනි සාන්තුවරයන්ගේ වාර්ෂික ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. අද සහ හෙට යනන දෙදින තුල මෙම තරඟය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම තරඟය අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම, ලහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබන අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන විෂේන් හැලඹගේ විසින් මෙහෙයවනු ලබනවා.

තව කියවන්​න

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පැන් අලෙවියේදී එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම චොදනා සියල්ල මහඇමතිවරයා නියෝජනය කරන ආමි ආද්මි පක්ෂය ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කළ ක්‍රියාවක් බවටද ඔවුන් චෝදනා කර සිටිනවා. ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම පාලක පක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීමට සිදු කළ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.

තව කියවන්​න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල් තරඟාවලිය අදින් ආරම්භ වනවා. අද පැවැත්වෙන පළමු තරඟය ගියවර ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. චෙන්නායී හීදී පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි. මෙවරද අයි.පී.එල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රිඩා කරනු ලබනවා. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා. මීට අමතරව මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම්ද මෙවර අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා. මෙවර අයි.පී.එල් තරඟාවලිය අධියර…

තව කියවන්​න

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12 මිල පහත දමා තිබෙනවා. අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසිම මෙහි අරමුණ බවයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ. මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා ඊයේ මාධ්‍ය හමුවක්ද කැදවු තිබුණා. මේ එහිදි අදහස් දැක්වු ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිල්හෙට් හීදී ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු නොමැතිවයි. අත්දැකීම් බහුල බංග්ලාදේශ මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා. අවසන් වරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියේ දී අසිත තරග දෙකකදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා. පළමු ටෙස්ට් තරගය සදහා…

තව කියවන්​න

අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවය එම සංගමයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ. රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී පසුගිය සිකුරාදා දිනයේදී මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

තව කියවන්​න