- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් අළු බදාදායින් ඇරඹුනු චතාරික සමය දින 40ක් පුරා ක්‍රියාත්මක අතර නිරාහාර ශිලය, දාන මාන සහ ගොඩමස් කැමෙන් වැළකී කිතුසමිදානන්ගේ කුරුස ගමන අද සිහිපත් කෙරෙනු ඇති. අදාළ දින 40 තුළ පාද නමස්කාරය ඇතුළු ආගමික වතාවත් වල යෙදෙමින් කිතුනුවන් ජේසුස් වහන්සේගේ දිවි පිදිමේ යාගය සිහිපත් කරමින් තම ඉල්ලීම් යොමු කිරිම කිතුනුවන්ගේ සිරිතක්. දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනිම වෙනුවෙන් සිය දිවිපිදිම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක් ප්රාප්ති දේව මෙහෙයවන්වලට එක්වෙමින් සිදුකරනු ලබනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය…
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ අනුව ජපන් නගරය සහ පාවෙන වෙළෙඳපොළ නමින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේයි. වෙළෙඳ කුටි 92කින් සමන්විත මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දෙන අතර, ඊයේ දිනයේ සිට මාස 6ක් තුළ එය සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා. රුපියල් මිලියන 352ක වියදමකින් ඉදිකළ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු 25 වැනිදායි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ බෙයිජින් හිදී පැවැත්වුණා. මෙහිදි ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන බවට දෙපාර්ශවය එකගත්වයකට පැමිණ තිබෙනවා. චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබා දෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වේරි භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සෑම විටම චීනය පෙනී සිටින බව ද චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අවධාරණය කර තිබෙනවා.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වල අද දිනයේ සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත වේලාවට පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ කල් දමන බවට විපක්ෂය නගන චෝදනා සාවද්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සදහන් කළේ. ජනාධිපතිවරණය ඉදිරිපත් වන අපේක්ෂකා සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙරට නිෂ්පාදන ආර්ථිකය සම්පුර්ණයෙන් කඩාවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. වංචා දුෂණ තුළින් මුදල් උපයාගත් පාර්ශව සුව විදිමින් සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් වාර්තා රැසක් අලුත් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. වාර්තාගත හඹා යාමක් සදහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 246 ක් පමණයි. හයිදරාබාද් කණ්ඩායම මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 277 ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන්…
මෙක්සිකෝවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට මෙක්සිකෝවේ ලැව්ගිනි 116ක් පැතිර යමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම වසරේ මාර්තු 15 වැනිදා දක්වා මෙක්සිකෝවේ ලැව්ගිනි 400ක් පමණ වාර්තා වී තිබූ අතර, මේ හේතුවෙන් අක්කර 32,000කට වඩා වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. නිල දත්ත වලට අනුව ලැව්ගිනි හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, සිතා මතා ගිනි තැබීම්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
සහල් සහ සුදු ලුනු සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ සහල් කිලෝවක් සදහා රුපියල් 65ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඊයේ සිට අප්‍රේල් 03 වනදා තෙක් රුපියලක් දක්වා අඩු කළ බවයි. එමෙන්ම ලොකු ලුණු ආනයනය සදහා වන බද්ද අප්‍රේල් මස 30 වනදා තෙක් රුපියල් 10ක් දක්වා අඩු කළ බව ද මුදල් අමාත්‍යංශය නිවේදනය කළා.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බවට වාර්තා වනවා. ඒ අනුව ඔවුන් ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබෙනවා. මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ෂානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට විවිධ අවස්ථාවන් වලදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නොමැති අතර, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222