පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බවට වාර්තා වනවා.
ඒ අනුව ඔවුන් ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.
ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබෙනවා.
මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ෂානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට විවිධ අවස්ථාවන් වලදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නොමැති අතර, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බවය පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













