- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
රුසියානු හමුදා මැඩපැවැත්වීමට අවශ්‍ය අවි ආයුද ප්‍රමාණවත් නොමැති බව යුක්රේනය පවසනවා. යුක්රේනනයේ බක්හ්මුත් ප්‍රදේශයේ බලය රුසියාව අත්පත් කර ගැනීමට දැඩි ප්‍රරිශ්‍රමයක් දරන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එම උත්සහය මැඩපැවැත්වීමට යුක්රේනය හමුදා සමත් වුවද ඉදිරි යුද කටයුතු සදහා ප්‍රමාණවත් තරම් අවි ආයුද නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් යුක්රේනයට ලැබුණු යුධ ආදාර අඛණ්ඩව නොලැබීමෙන් ගැටළු මතුව තිබෙනවා.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා . සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවයි . එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
රැකියා සඳහා විදේශ ගත වී සිට නැවත මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරු බදු සහනයක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රමිකයින් එතෙර සිට උපයන ලද විදේශ විනිමය නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂනය කිරීම දිරිගැන්වීම පිණිස මෙම දීමනාව ලබා දීමට තීරණය කළ බවත් එම නිවේදනයේ දැක්වෙනවා. මෙම සහනය සඳහා කොන්දේසි සහ නිර්නායක කිහිපයක් ඔවුන් විසින් පෙන්වා දී තිබෙන අතර, එතෙර සේවා නියුක්තියෙන් උපයා මෙරට බැංකු පද්ධතිය හරහා ප්‍රතිලාහියාගේ ගිණුමට පමණක් බැර වන මුදල් ප්‍රමාණය මත මෙම සහනය ක්‍රියාත්මකයි. තවද මෙම සහනය සඳහා 2022 වර්ශයේ මැයි මස පළමු වන දා සිට මේ…
කළුතර උතුර කැලිඩෝ පාරේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ආයුර්වේද වෛද්‍යවරියක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි. අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මළසිරුර නිවස පිටුපස තිබියදී ඇයගේ දියණිය දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. මෙම ඝාතනයට යොදාගත් බවට සැකකෙරන තියුණු ආයුදයක් ද සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වා තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින් සමන්විතයි . ඒ අනුව වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වනවා
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද පස්වරු 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකියි . ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වනවා . ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
අධික උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වලක්වා ගැනීම සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මෙහිදි වයෝවෘද්ධ සහ රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන් උෂ්ණත්වයෙන් පීඩාවට පත් විය හැකි බැවින් විශේෂයෙන් අවධානය යොමු කරන මෙන් අදාළ දැනුම්දීමේ සදහන්. අධික පිපාසය, තොල් කට වියළිම, තද පැහැදි මුත්‍රා පිටවීම, මුත්‍රා පිටවීමේ වාර ගණන අඩු වීම වැනි කරුණු පිළිබද සැලකිලිමත් වන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය කාලීන වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර ඩෙංගු රෝගී තත්ත්වය…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබුවා. ඒ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් . නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා. නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර නව අල්ලස් කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතිනවා. මේ අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වන අලි මිය යාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ වසරේ ගත වු මාස හතර තුළ වන අලි 143 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන්. එම අලි මරණ අතුරෙන් වෙඩි තැබීම්වලින් මරණ 37 ක් ද විදුලි සැර වැදීම්වලින් මරණ 27 ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06 ක් ද සිදුව තිබෙනවා. එමෙන්ම වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ද මේ වසරේ ගත වූ මාස හතර තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඇක්සල් 2 ක් සහ රෝද 4 ක් සහිත වාහනවල හෝ ඇක්සල් 2 ක් සහ රෝද 6 ක් සහිත ද්විත්ව කාර්ය වාහන සදහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව සදහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222