- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා. මෙය මේ වසර අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනඒමේ ශ්‍රී ලංකා මහබැංකුවේ උත්සහයට සුබවාදී බලාපොරොත්තුවක් බවයි අන්තර්ජාතික වශයෙන් ආර්ථික පුවත් විශ්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව , වර්ෂයකට පෙර තත්වය සමග සංසංදනය කිරීමේදී අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 35.3 කින්. නමුත් පසුගිය මාර්තු මාසයේදී එය සියයට 50.3 කින් වැඩි වී පැවතුණා. බ්ලූම්බර්ග් දර්ශකයන්ට අනුව මෙය සියයට 37.8 කින් ශක්තිමත්වීමක්.
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ වත්තල , අත්තනගල්ල , මීගමුව, මිනුවන්ගොඩ , ගම්පහ සහ මහර අධිකරණවල මෙම නඩු පැවරීම් සිදුකර ඇති බවයි. වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා. බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකිවන්නේ රුපියල් 44ක මිලකටයි. මෙම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගිත කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු විවාදයේ තුන්වන සහ අවසන් දිනය අදයි. මේ අනුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීමට පැවැත්වීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට සහභාගි නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් යන මන්ත්‍රීවරුන් ඊයේ දින ප්‍රකාශ කළා. මීට අමතරව වාසුදේව නානායක්කාර මහතා ද ඒ සදහා එකග නොවන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදව පළමු වන විවාද දිනයේදී ප්‍රකාශ කළේ. මේ අද දින විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අද දින විවාදය එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල…
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා. ප්‍රභාත් ජයසූරිය කඩුලු 50 ක් දවා ගැනීමට වැය කර ඇත්තේ ටෙස්ට් තරග 7 ක් පමණක් වීම ද විශේෂත්වයකි. සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක් සහ ලකුණු 10කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමි කර ගත්තා.
පොල්දූවේ ප්‍රධාන නල මාර්ගයක සිදු වූ ජලකාන්දුවක් හේතුවෙන් බත්තරමුල්ල, කඩුවෙල, කෝට්ටේ සහ මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම කොළඹ 04, 05, 07, 08 ප්‍රදේශවලට අද රාත්‍රී 9 දක්වා ජලසැපයුම බිද වැටෙනු ඇති බවටයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ.
නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවයි . ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා. භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබෙනවා . ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .
කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. කිසි විටෙකත් ඒවා භාවිත නොකරන බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් කෝපා කමිටුවට දැනුම් දුන් අතර කඳුළු ගෑස් අපහරණ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගියදා කෝපා කමිටුව එහි සභාපති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ඊට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්වුණා. එහිදී කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිසියට දැනුම් දුන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කඳුළු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලාහල පාලනයේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද වාර්තාවක්…
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන්ට අයත් විෂයන් සහ ආයතන ගැසට් කර තිබෙනවා. ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මෙන්ම, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට යටතටයි පවරා ඇත්තේ.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා . අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය සිසිල් ප්‍රේමජයන්ත මහතා විසින් . එම ගැසට් නිවේදනයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන ආයතන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබෙනවා .
දික්වැල්ල – වලස්ගල දෙමටපිටිය මංසන්ධියේදී නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙමටපිටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිිරිදි පුද්ගලයෙක්. මොහු දෙමටපිටිය මංසන්ධියේ බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ රාත්‍රියේ වෙළඳසැල වසා නිවසට යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222