Author: Anura Premakumara

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද(07) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළොන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයාද සනාථ කර සිටියා. රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ඩුබායි බලා අද(07) අලුයම 05.07ට පමණ පිටත්ව ගොස් තිබෙනවා.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ මෙවර වවුනියා දකුණ ප්‍රාදේශීය සභා අපේක්ෂක හා වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින්  පිරිසක් අද(06) එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා වවුනියාව දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයේදී අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂ නායකයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්ව තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතාද එහිදි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහයෝගය දැක්විය යුතු බව සඳහන් කළා. වැඩසටහනට එක්වු පාලිත රංගේ බංඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් රට ගොඩ නැංවීමට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන්…

තව කියවන්​න

2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියා. ශ්‍රි පාද වන්දනා වාරය අවසන්වීමත් සමග ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරීම අද (06) දින සිදු කෙරුණා. ශ්‍රි පාද උඩමළුවේ  සිට…

තව කියවන්​න

වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්‍රස්තයා බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය සහ ඒරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාත කර ඇතැයි වාර්තා වනවා. අබු අබ්දුල්ලා යනු අල්කයිඩා සංවිධානය ලබාදුන් නාමයයි. මොහුගේ ශ්‍රී ලාංකික සහකරුවා මොහොමඩ් හක් බව ඔස්ට්‍රේලියානු පොලිසිය දැනුම්දීමෙන් පසු කොළඹ ත්‍රස්ත මර්දන ඒ්කකය ඳරැවුම් භාරයේ සිටි මොහොමඩ් හක්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. මොහොමඩ් හක් බූස්ස සිරගෙදර ඳරවා සිටි අතර ඔහු ඒ් බව පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඒල්ල කිරීම ඳසහා 2018 දී අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනෙකු පූජකයන් වශයෙන් ශ්‍රී…

තව කියවන්​න

උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. එසේම අගමැති ඉවත් වූ විට ඇමැති මණ්ඩලය අහෝසිවීමට සමාන බවද ජනාධිපති කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවීම හේතුවෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙකේ කාලයක් බලා සිටි බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසුව එලෙස ඉල්ලා අස්වන ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමෙන් ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ත්‍රීකුණාමලයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු මෙලෙස ගෙල කපාගෙන ඇති බවයි. චීන වරාය පොලිසිය විසින් සැකකරු ඊයේ(04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා. වරෙන්තුකරුවෙක් වූ සැකකරු එලෙස රැගෙන යන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය තුළදී ගෙල කපාගෙන තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. තුවාල ලැබූ සැකකරු මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.

තව කියවන්​න
අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි

ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා. බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ආත්ම භවයේදී දීපංකර බුදු වහන්සේගෙන් නියත විවරණ ලබා ඇත්තේද වෙසක් පොහොය දිනයකදීයි. එසේම සිදුහත් කුමාරයා දුටු සතර පෙර නිමිතිවලින් දෙවැන්න වන ලෙඩෙක් දැකීම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනක බවයි පතපොතෙහි සඳහන් වන්නේ. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකදීයි. ඒ බුදු වහන්සේගේ තුන් වන ලංකාගමනයයි.…

තව කියවන්​න

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

තව කියවන්​න

යල කන්නයේ වී වගාව සදහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ 2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළ බවයි. මේ වනවිට ඇතැම් ගොවීන් රජයෙන් ලැබෙන සහනාධාර නොලැබී යනු ඇතැයි උපකල්පනය කරමින් රාජ්‍ය අංශයෙන්ම ම යූරියා සහ බණ්ඩි පොහොර ලබාගත යුතු යැයි සිතා කටයුතු කරන බැව් පෙනීගොස් ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. නමුත් පොහොර මිලදී ගැනීමේ දී ගොවිජනතාවගේ පහසුව උදෙසා…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන් මැතිවරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශයන් වෙත මාරු කර ඇත්නම් යළි මුලින් සේවය කළ ස්ථානයට පැමිණ රාජකාරී කටයුතු අරඹන ලෙස පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනා. ඇතැම් ආයතන ප්‍රධානීන්ගෙන් නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයන් මාරු කර යවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිය‍ෙ සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා බිරිඳ ද බිරිඳ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සැමියාද මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වන බවද රාජ්‍ය අමාත්‍ය වක්කුඹුර මහතා පෙන්වා දුන්නා. එසේම සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නොසතුටෙන් සිටින බිරින්දෑවරුන්ද මෙලෙස මාරු කර…

තව කියවන්​න