Author: Anura Premakumara

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කරන්නේ එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවයි. එලෙස කළහොත් පමණක් දරුවන් එම තත්වයෙන් මුදවා    ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවයිඑ මහතා සඳහන් කරන්නේ. එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය  කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක්ද ඒ මහතා පවසනවා. වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇති බවයි ඒ මහතා සඳහන්…

තව කියවන්​න

සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06 ක කාලය සඳහා මාසිකව වැය වී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබාගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා . ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබනවා .

තව කියවන්​න

.ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ නීතිපතිවරයා විසින් අද සිඩ්නි අධිකරණයේ දී මෙම චෝදනා ඉල්ලා අස්කර ගත් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා රාත්‍රියේදී ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගනු ලැබුවා. කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට මෙලෙස චෝදනා එල්ල වූණේ. ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී…

තව කියවන්​න

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා . රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව සදහන් . එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා . ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ද නාවික හමුදාව පවසනවා .

තව කියවන්​න

11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වනවා. දින දෙකක් මෙලෙස දැරිය අපයෝජනයට ලක්වී තිබුණද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස බැන වැදී ඇති බව සඳහන්. කෙසේ වෙතත් දැරිය සිය පියාට හා මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසුව පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අදාළ හිමිනම සහ සිද්ධියට අනුබල දුන් මව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස…

තව කියවන්​න

සමගි ජනබලවේගයේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකර තිබෙනවා. මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය මතයි. ඒ අනුව පක්ෂයේ නව නියෝජ්‍ය ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කළා. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද සමගි ජනබලවේගය පක්ෂයේනව තනතුරක් හිමි වුණා. ඒ අනුව ඔහු පත් කර ඇත්තේ පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩගාරික ධුරය සඳහායි. මේ අතර පක්ෂය හැර ගිය පුද්ගලයන් අමාත්‍ය ධුර වෙනුවෙන් රැවටීමකට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද(17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තව කියවන්​න

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපති කාර්යාලයේදී අද(17) සිදු කෙරුණා. ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලැබුවේ හිටපු අමාතයවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි. උතුර පලාත් ආණ්ඩුකාරවරිය ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්වීම් ලියි ලබාගත් අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු පළාත් සබා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතායි. මෙම පත්වීම් ලැබීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් තිදෙනා මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා සිටියා.

තව කියවන්​න

කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ  කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව පවසනවා. අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදියේ පසු වූවා. අපවත් වී වදාළ දොඩම්පහල චන්දසිරි මහනායක  හිමියෝ 2021 ජූලි මස 20 වන දින අමරපුර මහා නිකායේ මහනායක ධුරයට පත්වූවා. ඒ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ පදවිය සඳහායි. මිසිනෝනා උපාසිකා මාතාව සහ සරනේරිස් සිල්වා මහතාට දාව 1939 දෙසැම්බර් මස 20 වන දින මාතර දොඩම්පහල ප්‍රදේශයේදී උපත ලද මේ පින්වත් කුලකුමරු 1950 නොවැම්බර් 25 වන දින කුඩාවැල්ල වාලුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති,…

තව කියවන්​න

නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ දැරියගේ පියා විසින් නෙළුව පොලිසියට අදාළ පැමිණිල්ල යොමු කර ඇති බවයි. අදාළ පැමිණිල්ල ගොනු කරමින් දැරියගේ පියා පවසන්නේ දැක්වෙන්නේ අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නමැති හත් හැවිරිදි දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවයි. පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දරුවාගේ මවගේ නංගි සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස් කාලයේ දරුවා බැලීමට පැමිණ ඇති බවට වාර්තා වනවා. දරුවාගේ පියා පවසන්නේ තමන් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බවට රාත්‍රී 7.10ට පමණ ආරංචි වූ බවයි. දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ දරුවාගේ…

තව කියවන්​න

මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික පලපුරුද්දක් ඇති සේවක පිරිසක් සහිත ආයතනයක් වන ඩ්‍රයව්ලයින් (Driveline) ආයතනය මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනාගැනීමට සමත්වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි මෙම උළෙල පැවැත්වුණා. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙරට පරිසර සමතුලිතතාවය හා එහි ආරක්ෂාව සංරක්ෂණය වෙනුවෙන් කැපවුනු පුද්ගලයින් හා ආයතන හදුනාගැනීමටත් ඒවා බලගැන්වීමටත් කෙරෙණු ලබන ප්‍රධාන හා අද්විතිය වැඩසටහනක් ලෙස සැලකෙනවා. ඩ්‍රයිව්ලයින් ආයතනය තම ආයෝජනයේදී මෙම පරිසර හිතකාමී බවට ප්‍රායෝගිකවම මුල්තැනදී කටයුතු කරණු ලබනවා. එය අද්විතීය පාරීභෝගික සේවාවට මෙන්ම පාරිසරික සමතුලිතභාවය රැකගැනීමට එකසේ…

තව කියවන්​න