Author: Anura Premakumara

කෘෂි කාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී අදාළ රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙහි අරමුණ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ජනාධිපති කාර්යාලයේ පැවති කෘෂිකාර්මික නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යංශ , ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධික්ෂණය සදහා ජනාධිපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කවුන්සිලය පිහිටුවීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

නාමල් රාජපක්ෂ මහතා පොහොටේටුවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළහොත් ඔහුට උදව් නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පලාත් පාලන ප්‍රධානීන් සමග උඩුගම්පළ දේශපාලන කාර්යලේයදී අප්‍රේල් මස 2 වනදා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බවයි. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේකෂක ලෙස නම් කිරීමට පොදුජන පෙරමුනේ සාකච්ඡාවක් නැතැයි ද කී රණතුංග මහතා ඔහුට ජනාධිපතිවීමට තව කල් තිබෙන බවද කියා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදව් කිරිමෙන් වැළකී…

තව කියවන්​න

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවැති සාකච්ඡාවට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය…

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟයෙන් ලකුණු 28 ජයක් ලබා ගැනීම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 181ක් රැස් කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 56දී ලකුණු 81ක් සහ නිකලස් පූරන් පන්දු 21දී නොදැවී ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි. පන්දු…

තව කියවන්​න

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා වරායෙන් බහාලුම පිටතට ගැනීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන මිල ක්‍රම සහ විදි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ව්‍යාපාරිකයන්ට අයතා ලාභයක් ලැබීම නතර කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ. මේ අතර මේ වන විට රුපියල් කෝටියට වැඩියෙන් බදු පැහැර හැර ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවය ඉදිරිපත් කරන ලෙස ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල අද දිනයේදී පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. එමෙන්ම කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම භූ කම්පන තත්ත්වය චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට දැනුණු බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ ශ්‍රී හරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනා අද යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මෙම තිදෙනා ඉන්දියාවෙන් පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය ගත් තීරණයක් අනුවයි අද මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ. මේ අතර මෙම තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකු කර ඇති බවට පසුගියදා මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබුණා. 2022 නොවැම්බර් 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කළ අතර, පසුව ඔවුන් තිරුචි බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක රඳවාගෙන සිටීමටයි කටයුතු කළේ.

තව කියවන්​න

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමටයි ඊයේ කටයුතු කළේ. ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවද මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තව කියවන්​න