Author: Anura Premakumara

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගයේ අවසානය දක්වා තියුණු සටනක් දෙන්නට හැකි වු බව ශ්‍රී ලංකා ක්‍රිඩක චරිත් අසලංක පවසනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 06ක ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. පළමු එක්දින තරගය පරාජය වීමට පිතිකරුවන් සහ පන්දුයවන්නන් වගකිවයුතු බවයි චරිත් අසලංක සදහන් කළේ. මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කර ගැනීමට ක්‍රීඩා ලෝලින්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එමෙන්ම…

තව කියවන්​න

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙවර වැඩිම දන්සල් ප්‍රමාණයක් සංවිධාන කර ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දන්සැල් 62ක් ලියාපදිංචි වී තිබෙනවා. කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසුවේ කණ්ඩායම් 18ක් දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සදහා එක්වන බවයි.

තව කියවන්​න

ක්‍රමිකව විසදෙමින් තිබෙන දේශපාලන, සමාජ සහ ආර්ථික වියවුල සමනය කොට ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. ධර්ම මාර්ගයේ යමින් රට මතුව තිබු තත්ත්වයෙන් ඉදිරියට පැමිණි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිදු හිමියන් දෙසු තථාගත දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. පිවිතුරු බුදුදහමත් , හරවත් බොදු උරුමයත් සුරකීමට කැපවන ලෙස ජනාධිපතිවරයා සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

දිස්ත්‍රික් පහක් සදහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකවනවාග ගාල්ල ල කළුතර ල කෑගල්ල ල රත්නපුර සහ මාතර දිස්ත්‍රික් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර තිබුණාග මේ අතර ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පහත් බිම් රැසක් ජයලයෙන් යටවී තිබෙනවාග ගිංගග පිටාර ගැලීම හේතුවෙන් නෙළුව ල තවලම යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී තිබුණාග එමෙන්ම කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් සිදුකර තිබෙනවාග මේ අතර අද දිනය තුළ ද ප්‍රදේශ කිහිපයක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව…

තව කියවන්​න

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බිහිසුනු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා. දුම්රිය තුනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 200කට අධික වන අතර තවත් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබු කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පීලි පැනීමටකට ලක්ව තිබෙනවා. එම දුම්රියේ මැදිරි කිහිපයක් ඊට ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයට වැටී කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබු තවත් දුම්රියේ ගැටී තිබුණා. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මෙහිදී අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අනතුරට ලක්වුවන් සොයා විශේෂ මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මකවනවා. එම ස්ථානයට ගිලන්රථ 200ක්…

තව කියවන්​න

මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය අතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. පොසොන් පොහොය නිමින්තෙන් දිවයිනපුරා ධාන, ශීල, භාවනා ඇතුළු විවිධ වැසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මහින්තය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් සිදුකෙරෙනු ඇති. පොසොන් පොහොය නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ සිට මිහින්තලා පුදබිම විදුලි අලෝකයෙන් ඒකාලෝකමත් කර තිබුණා. දින පහක් පුරා මෙම ආලෝක පුජාව සිදුකෙරන අතර එය විවෘත කිරීම සාමන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුකිරීම විශේෂත්වයක්. මේ පොසොන් පොහොය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්තිය අංශය තබන සටහනක්. උතුම් වු බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක්කර පාර්ශවලට පොසොන් පොහොයදා බුදුදහමේ වටිනාකම පෙන්වා දිය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක…

තව කියවන්​න

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ සේවය ඇගයීම පිණිස සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සමරු මුද්දරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි. එළඹෙන ජූනි මස 4 වන දා සවස 4 ට හරිත විශ්ව විද්‍යාලය පරිශ්‍රයේදී මෙම සමරු මුද්දරය නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබදව දැනුවත් කිරීමට අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අදාළ සාකච්ඡාව සදහා ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන්වහන්සේ, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා, ආචාර්ය අසිත විජේසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න…

තව කියවන්​න

වර්තමානයේදී රට පාලනය වන්නේ ඒකාධිපති පාලනයක් යටතේ බවත් එයට එරෙහි වීම සඳහා සියලු ජනතාව එක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

තව කියවන්​න

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලී චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා. ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේදියි. දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේ. පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

තව කියවන්​න

2022 වසරේ මැයි මස 9 වන දා සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහතා පවසන්නේ ගොල්ෆේස් අරගලය අතරතුර මෙවන් තත්වයක් ඇති වේ යැයි බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් අදාළ අංශ ඒ පිලිබදව කටයුතු නොකළ බවයි.

තව කියවන්​න