- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
වර්තමානයේදී රටේ සිදුවන ඕනෑම අයහපත් ක්‍රියාවක් සදහාම අරගලය වගකිව යුතු බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ සිදුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් . එමෙන්ම ජනතාව නොමග යවමින් පෙර පැවති දේශපාලන සංස්කෘතිය නැවත ක්‍රියාවට නැංවීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ .
තහනම් ප්ලාස්ටික් වැටලීම අද සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා . ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කල ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් අද සිට වැටලීම් සහ නිතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සදහන් කලේ . ජගත් පරිසර දිනය ඊයේ දිනයට යෙදී තිබු අතර පරිසරයට සිදුවන හානිය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඒ අනුව සංවිධානය කර තිබුනා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ අනුව සිව් දෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ . දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ, පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන පිරිස මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් වූ බවයි වාර්තා වන්නේ.
සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(04) සමත් වූවා. ඒ සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 323ක හඹා යාමේදී ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දුවාර 42.1කදී ලකුණු 191කට දවා ගැනීමත් සමගිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබාගැනීමට සමත් වූවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 75කදී ලකුණු 78ක් ලබාගැනීමට සමත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින්. මේ අතර දිමුත් කරුණාරත්න පන්දු 62කදී හතරේ පහර…
පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර ඇති වු සිද්ධිය පිළිබද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැදවා තිබෙනවා. මේ පිළිබද අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සදහන් කළා. යාපනය වඩමච්චි ප්‍රදේශයේදී ජන හමුවක් අමතමින් සිටියදී පොලිස් නිලධාරීන් පිරිසක් තමන් තර්ජනය කර පහරදුන් බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ. පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හදුන්වා ගත් පිරිසක් තමන්ට මෙලෙස පහරදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍රකුමාර් මහතා සදහන් කළේ.
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ පවතින අධික උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මස 6ට අඩු දරුවන්ට නිසි පරිදි මව් කිරි ලබාදීමට මවුවරුන් නිසි අවධානය යොමු කල යුතු බවයි. විජලන තත්වයන් වලකා ගැනීම සඳහා දරුවන්ට පානය කිරීම සඳහා ලබාදෙන ජලයට ලුණු ස්වල්පයක් මිශ්‍ර කර…
මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ජතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ ඊට පෙර සිය පරිශ්‍ර පිරිසිදුකර ගැනීම වැදගත් බවයි. අමේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ දිස්ත්‍රික් 12ත් ආවනරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බවයි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සදහන් කළේ.
ෙමත් උවදුර පාලනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කීරිමට අදාළ ක්‍රමවේද සොයා බලා නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහායි මෙම කාරක සභාව පත් කිරීමට නියමිතව ඇත්තේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සදහන් කළේ. ඒ අනුව ඊට අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒකාධිපති ක්‍රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්‍යවේදියෙකු විමසු පැනයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළා.
දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආගමික සහ ජාතික සහජීවනය ද රටක දියුණුවට වඩා වැදගත් සාධකයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222