Author: Anura Premakumara

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිත බවයි . එසේම අදාළ පවුල් සහ රණවිරුවන් වෙතින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසටයි .

තව කියවන්​න

විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමතර පංතිවල සිටින්නේ දේශකයෙකු වුවත් පාසල් පන්තිකාරමය තුළ සිටිය යුත්තේ ගුරුවරයෙකු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමතර පංති පවත්වන දේශකයෙකු බවට පත්නොවී සිසුන්ගේ ජීවිත පුළුල් පරාසයකට ගෙන යාමට ගුරුවරයෙකු ක්‍රියාකළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේ.

තව කියවන්​න

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනය අද පස්වරු 2.30 දක්වා වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 රේඛාවෙන් ඉහළ ධීවර කටයුතු කරන සියලුම බහුදින ධීවර යාත්‍රා හැකි ඉක්මනින් පහළ සාගර කලාපය වෙත ගමන් කරන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශයේ තිබෙන සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත තම ධීවර යාත්‍රා සඳහා ගුවන් විදුලි පණිවිඩ ලබාදෙන ලෙස සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත දැනුවත් කර ඇති බවයි. මේ අතර බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ජාතික…

තව කියවන්​න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම සදහා දශක දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. එම සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

තව කියවන්​න

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. එම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රීයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂක ස්ථාන වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා. මේ අතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.…

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් විය යුතු නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඊයේ රාත්‍රියේදී ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ භූ කම්පනය ඇති වීමට හේතු එම ප්‍රදේශයේ ජලාශ ජලයෙන් පිරී යාම බවට සැක කරන බවයි ඔහු පැවසුවේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව අවධාරණය කළා. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා.

තව කියවන්​න

ජාතික ලේඛනාගාරය අධිලේඛන පිළිබද විශ්ව ප්‍රකාශනයට සහය පළ කරමින් අත්සන් තබා තිබෙනවා. ඒ ජාත්‍යන්තර අධිලේඛන දිනය සැමරීම වෙනුවෙන්. මෙම ප්‍රකාශනය නූතන සමාජවල අධිලේඛනය මගින් ඉටු කරන කාර්ය භාරය අවධාරණය කරන අතර අධිලේඛන පිළිබද මනා අවබෝධය ප්‍රවර්ධනය කරනු ලබන්නක් බවටයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. එමෙන්ම මෙය සැමරීම සදහා එළඹෙන ජුනි 09 වන සිකුරාදා දින සවස 2 ට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි. මේ සදහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ තවත් පිරිසක් සහභාගි වනු ඇති බව සදහන්. අදාළ අවස්ථාවට සහභාගි වන ලෙස මහජනතාවටද එම දෙපාර්තමේන්තුව ආරාධනා…

තව කියවන්​න

සිව්වෙනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ සභාපති ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබෙනවා. එමෙන්ම ටිරෝන් විජේවර්ධන මහතා එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ නිති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වන දා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(06) තීන්දු කළා. එම පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 25 වන දා දක්වා කල් තබන බවයි. සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත්…

තව කියවන්​න

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතරයි එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ. 2021 සිට 2023 වසර වලදී කණ්ඩායම් 9 ක් සහභාගි වූ ටෙස්ට් තරග ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමු සහ දෙවන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිනවා. ඒ අනුව පළමු ස්ථානය ලබාගත් ඕස්ටේ්‍රලියාව තරග 19 න් 11 ක් ජයගෙන තිබෙනවා. ඉන්දියාව තරග 18 න් 10 ක් ජයගෙන දෙවන ස්ථානයට පත් වුණා.

තව කියවන්​න