- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද දින සිඩ්නි අධිකරයේදි නැවත කැඳවීමට නියමිතයි. 29 හැවිරිදි තරුණියක් ගොනු කළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 6 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව පැවති නඩු විභාගවලදී ධනුෂ්කට එරෙහිව ගොනු කර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගැනීමට ඕස්ටේ්‍රලියානු පොලිසිය කටයුතු කරනු ලැබුවා. පසුගිය වසරේ ඕස්ටේ්‍රලියාවේ පැවැත්වුණු 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී අදාළ කාන්තාවට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි මෙලෙස චෝදනා එල්ල වුණේ.
හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. එසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ රුසියන් ජාතිකයෙක්. මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. එය අප්‍රේල් මාසයේ දී පැවතියේ ඩොලර් බිලියන 2.7 ක් ලෙසයි. ඒ අනුව පෙර මාසයට සාපේක්ෂව සියයට 26.2 ක ඉහළ යාමක්. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1 යි දශම 4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. බලය බෙදා හැරීම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම උතුරේ ජනතාව පදිංචි කරවීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබදව ද මෙහිදි අවධානය යොමු වනු ඇති බව සදහන්.
අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ගලවා ගැනිමේ මෙහෙයුමට එක්වු නාවික හමුදා සාමාජිකයින්ට චීන රජය උපහාර දක්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් උත්සවයකදීයි. පසුගිය 16 වනදා ගැඹුරු මුහුදේදී අදාළ ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණා. ඒ අනුව පෙරළුණු යාත්‍රාව වෙත ළගා වු විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් දින තුනක් පුරා පැවති අසීරු මෙහෙයුමකින් පසුව ධීවරයින් ගලවා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමට හැකියාව ලැබුණා.
ජාතික ජන බලවේගය අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙනු ඇති. මේ අතර මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබා තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගිනුයි. ඒ අනුව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඇතුලු 26 දෙනෙකුට එරෙහිව අධිකරණය නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ මාර්ගය , කොටා පාර , නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ ලේකම් කාර්යාලට පිවිසෙන මාර්ගයන්හි උද්ඝෝෂය කිරීම අධිකරණය මගින් වළක්වා තිබෙනවා. අදාළ උද්ඝෝෂණ මගින් සාමාන්‍ය පෙළ විභාගය පැවැවෙන විභාග මධ්‍යස්ථානවලට…
අධ්‍යපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. විභාග අපේක්ෂකයින්ට බාධාවන අයුරින් උද්ඝෝෂණ සහ පෙළපාලි නොපවත්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළා. ඊයේ දිනය තුළ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා. මේ අතර මහනුවර ප්‍රදේශයේ පාසලක විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් අතර ගැටුමක් සිදුව තිබුණා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.
සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගය දෙක, කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.
විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25ට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු වෙන්නපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව පොලීසියට ලද පැමිණිලි 08ක් පිළිබද සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වියේ පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කිලිනොච්චි ආධිකරණය ඇප මත මුදා හැර තිබෙනවා. කොළඹ පිහිටි නිල නිවසේදී මන්ත්‍රිවරයාව ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය කටයුතු කළේ. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සමග මන්ත්‍රීවරයා බහින් බස් වීමක් සිදුවීම පිළිබද පසුගියදා වාර්තා වුණා. එමෙන්ම ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රිවරයා වඩමාරච්චි ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක්වු අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සමග උණුසුම් තත්ත්වයක් ඇතිකර ගෙන තිබු අතර, ඒ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට පසුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ. මේ අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා. එහිදී කථානායක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222