Author: Anura Premakumara

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු වනවා මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද දිනයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙනවා. මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා වූ පමණින් පියා සිදු කළ සියල්ල නිවැරදි බවට සදහන් නොකරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළා. වෘත්තීය සමිති නායකයෙකුගේ ගැටළුවක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයක් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමිනුයි විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ. එහිදී මේ ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතා වෘත්තීය සමිති නායකයා සම්බන්ධයෙන් ගැටළුව ඉදිරිපත් කළා. ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ මෙම ප්‍රශ්නයට කඩිනමින් පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම විපක්ෂනායකවරයාගේ…

තව කියවන්​න

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුව සදහා අනුයුක්ත කර තිබෙනවා. එම නවක වෛද්‍යවරුන් ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63ක් සදහා අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 දෙනෙකුගේ පුහුණු කාලය ලබන 27 වනදායි අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුවයි මෙම නව වෛද්‍යවරුන් ඒ සදහා යොමු කෙරෙන්නේ. මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ. කුමන අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

උතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතිනවා. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 07 රේඛාවෙන් ඉහළ මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා. අරාබි මුහුදේ පවතින අඩු පීඩන කලාපය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි වාර්තා වන්නේ. අවදානම් ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වු ධීවර යාත්‍රා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හදුනාගෙන කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ ආපසු පැමිණෙන යාත්‍රාවලට සහය ලබා දෙන ලෙස ඉන්දීය සහ මාලදිවයින් බලධාරීන් දැනුවත් කර ඇති බව සදහන්.

තව කියවන්​න

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට අමානුෂිකව පහරදීමේ සිද්ධියට සැකපිට සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ. පහරකෑමෙන් තුවාල ලැබු සිසුවා මහනුවර රෝහලට ඇතුලත් කර තිබුණා. පසුව ඔහුට රෝහල ආසන්නය තුළ තිබු විභාග මධ්‍යස්ථානයකදී විභාගයට මුහුණදීමට අවස්ථාව ලබා දීමටයි පියවර ගෙන තිබුණේ. මේ අතර, සිය සොහොයුරා වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු දෙනියාය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස විභාගයට පෙනී සිටි බවයි පොලීසිය සදහන් කළේ. විභාග ශාලාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා…

තව කියවන්​න

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 128ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත්තේ. උතුරු මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු බාහාලුම් 4ක් තුළ පාර්සල් 53ක මෙම කේරල ගංජා තොගය අසුරා තිබු බව නාවික හමුදාව සදහන් කළා. නිතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

තව කියවන්​න

පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ජේමජයන්ත් මහතා පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ නාරහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි. මෙම සති අන්තයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා රජය, ආර්.එම්. පාර්ක්ස් කෝපර්රේෂන් සහ ෂෙල් සමාගම සමග එක්ව ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සදහා දිගු කාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුමට අත්සන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

තව කියවන්​න

වර්තමානයේදී රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. නමුත් ඒ සඳහා විපක්ෂයෙන් හිමිවන සහය ඉතා අල්ප මට්ටමක පවතින බවයි අද පැවති මාධ්‍ය හාමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.

තව කියවන්​න

තේ දළු කිලෝවක මිල සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා. මීට පෙර රුපියල් 400 කට පමණ අලෙවි වූ අමු තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 160 ක් දක්වා පහල බැස ඇති බවයි කුඩා තේවතු හිමියන් සඳහන් කරන්නේ. එමෙන්ම පහත රට නිමි තේ කිලෝග්‍රෑමයක මිලද රුපියල් 800 දක්වා පහත බැස තිබෙන බව සඳහන් . මින් පෙර නිමි තේ කිලෝවක් අලෙවි වී තිබුනේ රුපියල් 1900 ක මුදලකටයි. ඩොලරයේ අගය පහළ යාමත් සමඟ මෙලෙස තේ දළු මිල අඩු වී ඇති අතර ඒ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න