Author: Anura Premakumara

දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදිවියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමියි.

තව කියවන්​න

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රුකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රුකියා ලබාදෙන බව පවසා මුදල් ලබා, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ  පේරාදෙණිය upcountry Manpower ආයතනයේ හිමිකරු  අත්තඩංගුවට  ගෙන තිබෙනවා. ඒ පේරාදෙණිය  ගැටබෙ ප්‍රදේශයේ බදවා ගැනීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණ තොරතුරන් මතයි. වැටලීම සිදු කරන අවස්ථාවේ රැකියා ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තාවුණා. එම ස්ථානයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 275 ක් , රැකියා අයදුම්පත් හා පොලිස් වාර්තා ඇතුළත් ලිපිගොනු 615 ක් , විදේශ ගමන්  බලපත්‍ර භාරගැනීමේ  ලේඛනයක්, කොරියානු භාෂාවෙන් සඳහන් අයදුම්පත් ඇති ලිපිගොනු. කොරියාවේ රුකියා ඇබෑර්තූ ඇති බව සඳහන්…

තව කියවන්​න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම  ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට තිබෙන බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසුවා. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 19 වැනි දින ආරම්භ වී ජූලි මස 03 දින මහ පෙරහැර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වෙනවා. පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි  පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා. ඒ කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහලයි. මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්…

තව කියවන්​න

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවා. විශේෂයෙන් වයඹ, උතුරු මැද පළාත්වල මෙය සීඝ්‍රයෙන් පැතිරෙන අතර මධ්‍යම පළාතටත්  බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ හේතුවෙන් රටේ කිරි නිෂ්පාදනයට විශාල ගැටලුවකට මුහුණපාන්නට සිදු වී තිබෙනවා. මෙය ආර්ථික වශයෙන් හානිදායක රෝගයක් බවට පත්වෙමින් පවතිනවා.

තව කියවන්​න

මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175 ක වැඩිවීමක් බව සදහන්. එමෙන්ම මේ වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9 ක ආදායමක් ලැබී ඇති බව ද මහ බැංකු වාර්තා සඳහන් කළා. පසුගිය වසරේ මුල් මාස පහ තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6 ක ආදායමට සාපේක්ෂව එය සියයට 75.7 ක වර්ධනයක් බව සදහන්

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන් ගිලිහි ගොස් ඇති බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ. කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. ඪදසජැ ක්‍මඑ – වාසුදේව නානායක්කාර

තව කියවන්​න

ඩොලරයේ අගය පහත දැමුවද භාණ්ඩ මිල පහත දැමීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආර්ථිකය හැකිලි යන අවස්ථාවේදී භාණ්ඩ මිලදී ගැනිමේ හැකියාව ජනතාවගෙන් ගිලිහි යන බවත්, මේ හේතුවෙන් උද්ධමනය පහළ බසින බවටත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රමුඛ පක්ෂයේ ක්‍රියාකලාපයන් පිළිබදව ඊයේ පැවති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

ලංකාවේ සිටින පවුල් මිලියන 5.7 න් සියයට 33 ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මේ අනුව ජනතාවගේ සෞඛ්‍ය පිළිබදව දැඩි අවධානමක් මතුව ඇති බවටයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

තව කියවන්​න

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා. මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවනු ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියන් ඊයේ දිනයේදී පැය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා. ඒ නුවරඑළිය නානුඔය රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථාන 2 අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්. පාසල් නිවාඩුවෙන් පසු අධ්‍යාපන කටයුතු සදහා පාසල් විවෘත කිරීමට පෙර දින ශ්‍රමදානයක් පවත්වා නිවස බලා යමින් සිටි විදුහල්පතිවරයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් අද දින අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පිරිස වයස අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා. මේ අතර අරලගන්විල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටීමට යාමේදී එය වැළැක්වීමට උත්සහ කිරීම හේතුවෙන් මාර්ගය අයිනේ…

තව කියවන්​න