Author: Anura Premakumara

විද්‍යාව , ගණිතය ,තාක්ෂණවේදය පිළිබදව දැනුම ඇති ගුරුවරුන්ගේ දැඩි හිගයක් පවතින් බව අධ්‍යාපන අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . මේ අනුව කඩිනමින් ගුරුවරුන් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍ය වරයා වැඩිදුරත් පැවසුවේ .

තව කියවන්​න

කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා . ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළා . අදාළ කම්කරු නීතින් පිළිබදව පනත් කෙටුම් පත තවමත් සකස්කර නොමැති අතර තවමත් අදාළ පාර්ශව වලින් තොරතුරු ලබාගනිමින් පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .

තව කියවන්​න

මැදිගිරිය, මිරිස්හේන ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා . පොලිසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 7.00 ට පමණ ඇය ගෙවත්තේ එළිමහනේ සිටින අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 36 හැවිරිදි තිදරු මවක් බවද සදහන් . මෘත දේහය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර තිබෙනවා . වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

තව කියවන්​න

බන්ඩාරවෙල – දියතලාව මාර්ගයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සියලුදෙනා මේ වන විට දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ. දියතලාව සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ බස් රථයක් සහ බණ්ඩාරවෙල සිට දියතලාව දෙසට ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 07.15ට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස අතර ගැහැණු ළමුන් 6 දෙනෙක්, පිරිමි ළමුන් 3 දෙනෙක්, ගුරුවරියක්, බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා සහ කොන්දොස්තරවරයා සිටින බවයි පොලීසිය සදහන් කළේ.

තව කියවන්​න

සාදික්කා සහ කරාබු වගාවට සුළගෙන් ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක නියෝජ්ය අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. මෙම බෝග දෙක සදහා වෙනස් වූ දිලීර වර්ග දෙකක් පැතිර යන බවත් රෝගය වහා පාලනය නොකලොත් ඉදිරියේ දී අස්වැන්නට බලපෑමක් එල්ල වී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවත් ඒ මහතා කියා සිටියා. මේ වන විට සාදික්කා වගාව හෙක්ටයාර් තුන් දහසක් පුරා පැතිර තිබෙන අතර වාර්ෂිකව මෙට්රික් ටොන් 2500ක් අපනයනය කරමින් රුපියල් මිලියන 2,500 ආදායමක් ලැබීමට හැකියාව ඇති බවත් කරාබු වගාව දිවයින පුරා හෙක්ටයාර් අටදහසක් පුරා පැතිර ඇති අතර එයින් වාර්ෂිකව මෙට්රික් ටොන් 6000 අපනයනය කරමින් රුපියල් මිලියන 7000 ක ආදායමක්…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර නාවික ගමනාගමන මාර්ගය වෙනස් කිරීම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාවට එකග නොවන බව රජය දැනුම් දී තිබෙනවා. නාවික ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන ලෙස ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය මගින් යෝජනා කර තිබුණා. ඒ අනුවයි රජය සිය මතය අදාළ සංවිධානය වෙත දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව ඉවත් කරන ලෙසයි.

තව කියවන්​න

ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා. ඒ අනුව ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදීයි.…

තව කියවන්​න

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරයක් පැවැත්වීමට කටයුතු නොකරනු ඇති බවයි. සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට ඉදිරියටත් සහය දැක්වීමට පක්ෂ නායකයින් එහිදී තීරණය කර තිබෙනවා. මේ අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙහිදී මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න