Author: Anura Premakumara

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී කැමරා වසර 06ක් සවි නොකර ගබඩාවක තබා තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන මැයි 15 වැනිදාට පෙර ප්‍රගතිය දැනුම්දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

තව කියවන්​න

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා. ඒ අනුව ඒ සඳහ බස්රථ 1000ක් එක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළා.

තව කියවන්​න

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස සිරකරුවන් සඳහ ජනාධිපති සමාව ප්‍රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

මෙරට මුස්ලිම් ජනතාව අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය පවසනවා. ඊයේ රාත්‍රියේ නව සඳ දැකීම හේතුවෙන මෙලෙස අද දිනයේදී රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය සඳහන් කළේ. දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරන අතර ඇතැම් මුස්ලිම් ප්‍රජාවෝ තාරකා විද්‍යාත්මක ගණනය කිරීම අනුව රාමසාන් උපවාසය ආරම්භ කරනු ලබනවා. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වනවා. පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින්…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී මෙම රැස්වීම පස්වරු 03.00 ට ආරම්භවීමටයි නියමිතව ඇත්තේ. වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු කාරණා කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් ඉදිරිපත් කිරීමේ කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව 2024 අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රෙල් 10 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් ලබන අප්‍රේල් 11 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.

තව කියවන්​න

සමගි ජන බලවේග රජයක් යටතේ වචනයකට සීමා නොවී ජීවන වියදම අඩු කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මුදල් නොමැතිව ජනතාව අලුත් අවුරුදු සමරන්නේ කෙසේද යන්න පිළිබඳවද විපක්ෂනායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 22වැනි තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 137ක් රැස් කළා. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂ්රේයස් අයියර් ලකුණු 34ක් රැස් කිරීමටයි සමත් වුණේ. පන්දු යැවීමේදී තුෂාර් දේෂ්පාන්ඩේ සහ රවින්ද්‍ර ජඩේජා කඩුළු 03 බැගින් බිඳ හෙලු අතර, මහීස් තීක්ෂණ ලකුණු 28ට එක් කඩුල්ලක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගනිමින්…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දහවල් 12.11ට උඩප්පු , ආඩිගම, පිදිවිල්ල, බකමුණ, නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනවා.

තව කියවන්​න