Author: Anura Premakumara

සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල රුපියල් දස දහසකට ආසන්න මුදලකින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ හමුදා සාමාජිකයින්ට ලැබිය යුතු හිඟ සලාක මුදල ඔවුන්ගේ මෙම මස වැටුපට එක් කර ඇති බවයි යුද හමුදාව පැවසුවේ. මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා සිදු කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමව ඇති බවද සදහන්. එමෙන්ම සක්‍රීය සේවයේ නරත සියලු යුද හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක දීමනාව පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉහළ නංවනු ලැබුවා.

තව කියවන්​න

දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම පනත සම්මත කර ගැනීමට රජය මේ වන විට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟවිය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. වංචා කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් දීමට ප්‍රමාණවත් නීති ඒ සදහා ඇතුළත් කර නොමැති බවයි එම පක්ෂය පවසන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද හෙට ඉදිරිපත් කරන දූෂණ විරෝධි පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේදී සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට දැඩි ලෙස බලපාන බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවා.

තව කියවන්​න

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමුකිරීමට හැකියාව තිබෙන බවත්…

තව කියවන්​න

මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද  පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. මියගොස් ඇත්තේ 31 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්. මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා. මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මහනුවර පොලීසිය පැවසුවා.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එනු ලබන සියලු යෝජනාවලට කොන්දේසි විරහිතව එකඟ වීමට ආණ්ඩුවට සිදුව ඇති බවයි එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ. රටට අහිතකර කොන්දේසි සහිත ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන් රටට සහ ජනතාවට අවාසියක් සිදුවන බවද එම පක්ෂය පවසනවා.

තව කියවන්​න

සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දමා තිබෙනවා. ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බවයි ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියා සිටියේ. මේ වන විට ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ මහතා සදහන් කළා. ඇය කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් බවත් පවුල් ආරවුලක් මෙයට හේතුව බවත් සදහන් . .

තව කියවන්​න

 දකුණු කොරියාවේ පැවති ආසියාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම පිරිස අද උදෑසන 09.40 ට දකුණු කොරියාවේ ඉන්චියොන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

තව කියවන්​න

තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වු මවුපිය යුවළ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළා. වැලිමඩ නගරයේ සවස් කාලයේ තනියෙන් මෙම දැරිය ගැවසී ඇති අතර මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇය වැලිමඩ පොලිසියට රැගෙන විත් තිබුණා. අනතුරුව දැරිය රෝහල්ගත කර පසුව බදුල්ල මහ රෝහල මගින් දැරියගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමු කර තිබෙනවා. පොලිසිය මගින් පසුව සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාළ දැරිය මෙන් ම පුහුල්පොළ ප්‍රදේශයේ පදිංචි  දැරියගේ මව හා පියා වැලිමඩ පොලිසියට කැඳවා තිබුණා. මෙහිදී සිය දියණිය අතවරයට…

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සදහන් කළේ මීට සමගාමිව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් පහත දමන බවයි. තිරිගු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

තව කියවන්​න