- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Anura Premakumara
චීනයේ මැයි මාසයේදී ආර්ථික වර්ධනය අඩාල වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. මේ හේතුවෙන් එරට පුද්ගලික අංශය අරගල සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සදහන්. විශාලතම රැකියා මූලාශ්‍රය වන චීනයේ පුද්ගලික අංශය පසුගිය මාසය පුරාවට අඛණ්ඩව අරගල සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොරෝනා වසංගතයත් සමග වාර්තාගත ලෙස තරුණ විරැකියාවක් මතුව ඇති බව ද සදහන්. චීනයේ සමස්ථ ස්ථාවර වත්කම් ආයෝජනය මෙම වසරේ පළමු මාස 5 තුළ වසරින් වසර සියයට 4 කින් ඉහළ ගොස් තිබෙනවා. පළමු මාස 4 තුළ එය සියයට 4.7 කින් ඉහළ ගොස් ඇති බව සදහන්. කෙසේ වෙතත් පුද්ගලික ව්‍යාපාරවලින් ස්ථාවර වත්කම් ආයෝජනය සියයට 0.1 කින් පහත වැටී…
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1 ට සහ ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි. මේ අතර රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සන්දර්ශන අතර සාධාරණ දුරක් තබා ගත යුතු බව ද දැනුම් දෙනවා.
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර තෙවන දිනටත් අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වන දා ආරම්භ වුණා. එය ජූලි මස 4 වන දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කතරගම පෙරහැරට සමගාමිව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලිසිය පැවසුවා. ඒ හේතුවෙන් විදේශිකයින්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. මුහුදු තිරයේ සහ දිය නෑම් සිදුකරන ස්ථාන සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් 40 කට අධික පිරිසක් යොදවා තිබෙනවා. එමෙන්ම පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද උදෑසන 8 ට පමණ එම විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර හෝමාගම නියදගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේදී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෑන් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා යුද හමුදාව හැරගිය…
එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ටේරලියාව ඊයේ සමත් වුණා. මෙම තරගයෙ අවසන් දිනය වූ ඊයේ දිනයේදී ඕස්ටේරලියාවට ලකුණු 281ක ඉල්ලක්කයක් හිමි වුණා. ඒ අනුව ඕස්ටේරලියාව කඩුළු 08ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත සිය පළමු ඉනිම සදහා කඩුළු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියාව සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 273ක් රැස් කළ අතර, ඒ අනුවයි…
පස්සර, බුළුගහවෙල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි වියේ පසුවන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය අයර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය ඕමාන කණ්ඩායම සහ එක්සත් අරාබී එමීර් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමෙන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හොන්ඩියුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක් තුළ ඇති වූ ගැටුමකින් කාන්තා රැඳවියන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් තවත් රැඳවියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී කාන්තා රැඳවියන් විසින් වෙඩි තැබීම් සහා පිහි ප්‍රහාර එල්ල කිරීම් සිදු කර ඇති අතර, එමගින් බරපතල තුවාල ලැබූ කාන්තා රැඳවියන් 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222