Author: Anura Premakumara

කොළඹ ස්ටී්‍රට් ෆුඩ් අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, ඒ අනුව වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ. මෙම සැකකරු 51 හැවිරිදි වියේ පසුවන කොළම 12 ප්‍රදේශ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 31 වැනි තරඟයෙන් කඩුළු 2ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟය ඉතිහාසගත වුනේ අයි.පී.එල් තරඟ ඉතිහාසයේ දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් ජය ගත් තරඟය ලෙසයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 223ක් රැස් කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කළ අතර, එහිදී ඔහු පන්දු 56දී ලකුණු 109ක් රැස් කළා. පන්දු යැවීමේදී ආවේශ් ඛාන් සහ කුල්දීප් සෙන් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු…

තව කියවන්​න

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික පැරණි කොටස් හුවමාරු ගොඩනැගිල්ල ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා. 17 වැනි සියවසට අයත් මෙම ගොඩනැගිල්ල 1625දී ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එරට සංස්කෘතික අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වසර 400ක ඩෙන්මාර්ක් සංස්කෘතික උරුමය ගිනිබත් වූ බවයි. මෙම ගින්න හට ගැනීමත් සමග ගොඩනැගිල්ලේ තිබූ ඓතිහාසික සිතුවම් ආරක්ෂිතව ඉන් පිටතට ගැනීමට මහජනතාව කටයුතු කර ඇති අතර, පැය කිහිපයකට පසු ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කළා. කෙසේවෙතත්, දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සඳහා පියවිය යුතු මුළු ණය මුදල ඇස්තමේන්තු කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක් ලෙසයි.

තව කියවන්​න

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. 92 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ. 1931 දී දකුණු පලාතේ උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා තිබෙනවා. ඒ මහතා වසර හැට තුනකටත් වැඩි කාලයක් විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරයක් යව සර්වෝදය මෙරට තුළ පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගෙන යනු ලැබුවා. ආචාර්ය ආරියරත්න මහතා ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනා ගැනීමටයි සමත් වුණේ.

තව කියවන්​න

හිටපු නියෝජ අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. යටදොල ප්‍රදේශයේ ඔහුට අයත් පොල් වත්තක කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බව සඳහන්. ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 64 වැනි වියේ පසු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ඊසානදිග බ්‍රසීලයට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක තිබී නරක් වූ මළ සිරුරු 20ක් පමණ සොයාගෙන තිබෙනවා. මළසිසරු දිරාපත්ව ඇති බැවින් මළ සිරුරු කොපමණ තිබේද යන්න නොදන්නා බව බ්‍රසීල බලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම පිරිස බ්‍රසීලයේ සිට පැමිණි පිරිසක් නොවන අතර, කැරිබියන් දූපත්වල සිට පැමිණි පිරිසක් බවට එම නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා. අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අතුරතුරදීය මෙම හමුව සිවදු ඇත්තේ. පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑම සඳහා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය එක්ස් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයසේ පසුවන මූතූර්, කින්නියා, වෙල්ලමානල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ. නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් 14 දෙනා ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවාග බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද අලුයම 12ග45ට පමණ රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකටයි ලක්ව ඇත්තේග කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නැහැග බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙනවාග

තව කියවන්​න