- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Anura Premakumara
අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක් සහ විරෝධතා හයදහස් හත්සිය අසු තුනක් ලැබි ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා . එම අභියාචනා සහ විරෝධතා සලකා බලා අඩු අදායම්ලාභින්ට සාධාරණයක් ඉටු වන සේ අදාළ වැඩසටහන තුලින් සහන ලබාදෙන බවයි ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ . ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය බල මණ්ඩලයේ නිලධාරින් තොරාපත් කර ගැනිම සදහා පැවති රැස්විමට එක් වෙමින්. මෙරට පිඩාවට පත්වි සිටි ජනතාව ඉන් මුදාගත් නායකයා වත්මන් ජනාධිපතිපතිවරයා බව ද සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා . මේ අතර දිළිඳු පුද්ගලයින්ට පැහැදිලි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍ය…
නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් 3 ක් යැවීමට සූදානම් ව සිටින බව වාර්තා වනවා. සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සදුදා දිනයේ දී පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි. මීළඟ පොලිස්පති ධුරය සදහා ජේෂ්ඨත්වය අනුව ප්‍රධාන ලැයිස්තුවේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, පී.පී .එස්. එම්. ධර්මරත්න යන අයයි.
නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිතයි . නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පාරිභෝගිකයන් බහුතරයක් සම්බන්ධතාව ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලා .
පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ දී දියේ ගිලීම හේතුවෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 12 ක සහ 14 දරුවන් දෙදෙනෙකු බවයි ශ්‍රීපුර පොලීසිය සඳහන් කලේ. අදාල සිසුන් දෙදෙනා තවත් පිරිමි ළමුන් පිරිසක් සමග දියනෑමට ගොස් තිබුනා. සෙසු පිරිස දිය නා අවසන් වනවිටත් මොවුන් ගොඩට පැමිණ නොතිබීම හේතුවෙන් සෙසු පිරිමි දරුවන් නිවෙස් වලට ගොස් තිබෙනවා. ඔවුන්ගේ දැනුම් දිම මත වැඩිහිටියන් විසින් පැමිණ සිදුකල සොයා බැලීමේදී සිසුන් දෙදෙනාගේ සිරුරු දිය යට තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු කොටහේන බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් අත්විලංගු සමඟ බිමට පැන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටහේන පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 5 ශ්‍රී සිද්ධාර්ථ පාරේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි. මියගිය සැකකරු ඉකුත් 29 වනදා වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් මිලිගෑම් 5,010ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබියදී මෙලෙසෙ මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන තිබුණා. සැකකරු අත්විලංගු සහිතව එම මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ කොරිඩෝව හරහා රැගෙන යමින් සිටියදී බිමට පැන තිබෙනවා. එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු…
පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා පූජාපිටිය පොලිසියට බාර දී තිබෙනවා. සැකකරු ශරීර පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර කසාවත්ත බටුගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී තවත් ව්‍යාජ 5000 නෝට්ටු 04 ක් සොයාගත්බව පොලිසිය පැවසුවා. ස්ථිර රැකියාවක් නොකරන 48 හැවිරිදි සැකකරු කලක සිට ව්‍යාජ නෝට්ටු මාරු කර තම ජීවිකාව ගෙන ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා . සෙනග බහුලව ගැවසෙන විශේෂයෙන් කාන්තාවන් මුදල් අයකැමි වරියන් වශයෙන් සිටින වෙළඳසැල්…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණ තිබෙනවා. නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විමසුරෙන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දමන බවයි ජලශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ. ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග වල රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇති අතර , එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ටී 27 ටුකානෝ වර්ගයේ ගුවන් යානා දෙකක් උඩුගුවනේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර මෙම යානා දෙක එකිනෙක ගැටී ඇති බව සඳහන්. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙක් බවයි වාර්තා වෙන්නේ.
සමුපාකාර වැඩපිළිවෙලින් රජය ඉවත් වීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රජය මැදිහත් වීම තුළ සමුපාකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම් රජය ඊට මැදිහත් නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළා.
දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊට අදාළ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මේ එම ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ද කතානායකවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළා. දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජන්ද විමසීමෙන් පසුව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද මාධ්‍යට මෙලස අදහස් පලකළා. මේ අදාළ විවාදය පිළිබද අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222