- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Anura Premakumara
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල පනත් කෙටුම්පත නීති සම්පාදකට යොමු කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගත් පසු අධිකරණ ක්‍රියාමාර්ග නොමැති නම් සති 06ක් තුළ නව පනත් කෙටුම්පත සම්මත කිරීමට බලාපොරොත්තු වන ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ. මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මූල්‍යමය මට්ටමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
යුක්රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ අහිමි වුණා. ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 26 වැනි තරගයේ දී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 කින් අනපේක්ෂිත ලෙස ලැබූ පරාජයත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 234ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 203ක් පමණයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද වසා තැබෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා . මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමු, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි . ඌව පළාතේත්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් . මේ අතර…
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අද දිනයේත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඊයේ සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ, ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත් වෙන බවයි. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් දීපව්‍යාපත්ව විරෝධතා පැවැත්වෙනු ඇති.
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය අද පැවැත්වීමට නියමිත බවයි. එමෙන්ම හෙට දිනයේ දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනෙණු ඇති. 7 වන සිකුරාදා ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ උදර්පණ පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ගැස් මිල අඩු කලද අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩු නොවු බැවින් තමන්ට ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැකි බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පවසනවා. බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන බවයි ඔහුන් පවසන්නේ. ඒ හේතුවෙන් තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් පැවසුවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් පහළ දැමූ බවයි. එහි නව මිල රුපියල් 2982 ක්. කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 1198 ක්. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 561 ක්.
අඩුකළ ගාස්තුව ප්‍රමාණවත් නොවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතු බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 14.2 % කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දෙනු ලබුවා. මේ අතර, කර්මාන්ත අංශය සදහා 9 %ක විදුලි ගාස්තු අඩුකිරිමක් සිදුකර ඇති අතර, එයද ප්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා කුඩාකර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම ඊයේ පවතී මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ අඩු කර ඇති විදුලි ගාස්තුව ප්‍රමාණවත් නොවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222