Author: Anura Premakumara

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි . මේ අතර සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ. එම පුද්ගලයින් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ අලුතින් අයදුම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද සඳහන් . මේ අතර දුප්පත් ජනතාවට අසාධාරණයක්…

තව කියවන්​න

තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

තව කියවන්​න

විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට විශාල කැපවීමක් සිදු කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සදහන් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බවයි.

තව කියවන්​න

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූලය අරමුදල අතර මාස 8 ක් පුරා පැවති සාකච්ඡා අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අනුමත වී තිබෙනවා. ඒ සමග එරට කොටස් වෙළදපොළ ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණපා සිටි පාකිස්ථානයේ කොටස් වෙළඳපොල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ වසර 15 කට පසුව බවත් සදහන්. මේ අතර 2024 වසරේ ජුනි මාසය වන විට පාකිස්ථානයේ විදේශ ණය සංචිතය වන ඇමෙරිකානු ඩොලර් බිලිනය 23 ක් ගෙවා අවසන් කළ යුතු වනවා.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රඵ වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකියි. මේ අතර දිවයිනේ නිරතදිග ප්‍රදේශයට බලපා ඇති අධික වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නායයෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තව කියවන්​න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව සදහන්. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි. මේ වන විට කොත්තුවක් රුපියල් 500 ත් 1300 ත් අතර මිලකට අලෙවි වන අතර රයිස් රුපියල් 350 ත් 1900 ත් අතර මිලකට අලෙවි වනවා. එමෙන්ම, බත් පැකට්ටුවක් 250 සිට 430 අතර මිලකටයි අලෙවි වන්නේ. කෙසේ වෙතත්, කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

තව කියවන්​න

මෙක්සිකෝවේ කාර්මික මධ්‍යස්ථානයක පුද්ගයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස වෙඩි තබා ඝාතනය කළ පුද්ගල අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරමි පුද්ගලයන් සිව්දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ සිරුරු සොයාගන්නා අවස්ථාවේ දෑත් බැද තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදු කර ඇති බවටද අනාවරණය වී තිබෙනවා. 2006 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙක්සිකෝවේ මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් වලින් පසු මේ දක්වා පුද්ගල ඝාතන 350,000ට වැඩියෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම කමිටුව හමුවට අද දිනයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මෙම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

එක්දින ලෝකකුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී ඕමාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම තරගවැදීමට නියමිතයි. සිම්බාබ්වේ හරාරේහීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න