- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Anura Premakumara
මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සදහා සහය ලබා දිමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර තිබෙනවා. ඒ අනුව දැනුම සහ තාක්ෂණික සහය ලබා දීමටයි ආසියානු සංවර්ධන බැංකුව එකගතාව පළකර ඇත්තේ ජාතික ආරක්සාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දුත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා අතර මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වුණා මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ සැලසුම් අධීක්ෂණ රාමුව සහ ඊට අදාළ මේවන විට ගෙන ඇති ඉදිරි පියවර පිළිබද එහිදී පුළුල්ව සකාච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ
වත්මන් කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අයිතින් නැතිකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂයේ අයිතීන් රැක ගැනීමට සටන් කළ යුතුව ඇති බවයි. රට වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කළ ද විපක්ෂයේ අදහස් නොසලකා හරින බවයි ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේ. අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අදහස් පලකළා. මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රටට අනාගතයේ අහිතකර ප්‍රතිවිපාක විදින්නට සිදුවනු ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළා.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ විෂ වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම පුද්ගලයන් නයිටේ්‍රට් වායුව ආශ්වාස කිරීමෙ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම විෂ වායුව ආශ්වාස කළ පුද්ගලයන් සිටීද යන්න සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ජුනි මාසයේ අයි.සී.සී දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයා සදහා ශ්‍රි ලංකාවේ සුපිරි දග පන්දුයවන ක්‍රිඩක වනිදු හසරංග ද නිර්දේශ වී තිබෙනවා. අදාළ මාසය තුළ ක්‍රිඩකයින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙනයි අයි.සී.සීය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රිඩකයා නම් කරනු ලබන්නේ. එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙනයි වනිදු මේ සදහා නිර්දේශ වී ඇත්තේ. එමෙන්ම ජුනි මාසයේ දක්ෂතම ක්‍රිඩකයා සදහා සිම්බාබ්වේ කණ්ඩායමේ සේන් විලියම්ස් සහ ඔස්ටේ්‍රලියානු ක්‍රිඩක ට්‍රැවිස් හෙඩ් ද නිර්දේශ වී තිබෙනවා.
පළාත් පාලන ආයතනවල ස්ථිර නොවු සේවකයින් ක්‍රමානුකුලව ස්ථිර සේවයින් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහරගම නගර සභාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වර්තමානයේ රටේ ආර්ථික යාන්ත්‍රනය ක්‍රමවත් වෙමින් පවතින බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ. ආර්ථික වශයෙන් යළි නැගී සිටිමට රටට හැකි බව ජාත්‍යන්තරය ද පිළිගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ. ඒ සදහා ජාත්‍යන්තරයේ සහයද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් හිමිවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා.
මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා අතරින් එක් අයෙකුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුව ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ. ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. අනෙක් පුද්ගලයා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද සහ හෙට වසා තැබෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කළා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අදාළ නිවේදනයේ දැක්වුණෙ. ඒ සදහා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ද අනුමැතිය හිමිව තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් ඊයේ දිනයේදී ද වසා තැබුණා.
සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සුංගාවිල සෝමාවතිය මාර්ගයේදී. ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක වැඩවිසූ පූජ්‍ය ගිරිතලේ මෛත්‍රී හිමියන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාමාන කරගැනීමට ඊයේ වැඩම කර තිබුුුණා. වන්දනාමාන කටයුතුවලින් අනතුරුව නැවත දොම්පේ ප්‍රදේශයට යාමට අද අලුයම උන්වහන්සේ පැමිණ තිබුණේ වනඅලි නිරන්තරයෙන් ගැවසෙන සුංගාවිල සෝමාවතිය මාර්ගය ඔස්සේ. එලෙස පැමිණි උන්වහන්සේ සුංගාවිල වනජීවි කාර්යාලය අසලදී අද අලුයම 3.30ට පමණ වනඅලි ප්‍රහාරයට ලක්වී තිබුණා.
සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුඵ පරීක්ෂණ රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍රයන් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසුවේ ඇතැම් සී ටී ස්කෑන් යන්ත්‍ර දැනට මාස කිහිපයක සිට අක්‍රිය වී ඇති බවයි. මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බව ද එම සංගමය චෝදනා කළා. මේ අතර කුලියාපිටිය සහ ගල්ගමුව රෝහල්වල, වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණයට අවශ්‍ය යන්ත්‍ර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අදහස් පළ කළා.
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම මුදල බිම් සකස් කිරීම සදහා ලබා දෙන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. රුපියල් 20 000 ක මුදල නැවත අයකර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. එමෙන්ම වගාවට අවශ්‍ය බඩඉරිගු බීජ සහ පොහොර සියල්ල නොමිලේ ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර ලබන මහ කන්නයේදී බඩඉරිගු වගාව සදහා දිස්ත්‍රික්ක 5 ක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන්ට මෙම සහන ලබා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222