- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
Author: Anura Premakumara
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ. කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබෙනවා.
දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා. ඒ අනුව කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 කට ආසන්න මිලක ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 168,000 කට ආසන්න මිලක ද, පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසුවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පහළ දමන බව සඳහන්. එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක් වනවා. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දමනු ඇති. එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476 ක්.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්තෙත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කලේ. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 112 ක පුද්ගලයින් 500 ක් පමණ දෙනා පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදු කළ 35 හැවිරිදි දෙදරු මවක් ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියයාම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අක්ෂි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කලේ ඒ සඳහා වෛද්‍යවරුන් 03 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි. කෙසේ වෙතත් මරණයට හේතුව ඖෂධ හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවක් ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
කොළඹ ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරු ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසනවා. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්. සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන තිබුණා. සැකකරු සහ මියගිය පුද්ගලයා අතර අවන්හල තුළ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පැවසුවා. කොටුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරිය කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද සිදුවුණා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කෙරුණ. මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු …
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඊට අමතරව රථවාහන අමතර කොටස් හා ලිහිසි තෙල් මිල අඩු කිරීම සඳහා ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඕමාන් රටේ රැකියාවක් සඳහා සංචාරක වීසා මගින් කාන්තාවක් යැවීමට උත්සාහ කළ, කොළඹ 02, ගැලනි පැසේජ් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමට උත්සාහ කිරිම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරියා. වැඩිදුර නඩු විභාගය 2024පෙබරවාරි 23 දින කැඳවීමට නියමිතයි. මෙයට අමතරව කෑගල්ල ප්‍රදේශයේ සෙරන්ඩිබ් නමින් පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක්ද ඕමාන් රටේ රැකියා ලබාදීමේ අරමුණෙන් මුදල් වංචා කර තැනැත්තන් රවටා ඇති අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින්…
ශ්‍රී ලංකාව සමග පවතින සතුන් හුවමාරු කරගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට ලබාදීමට තායිලන්ත රජය කටයුතු කළා. ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සිට කටුනායක බලා පැමිණි මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානාවකින් මෙම පක්ෂින් රැගෙන විත් තිබෙනවා. මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් 02ක් සහ එක් කැසොවරි කිරිල්ලියක් මෙරටට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එම කුරුල්ලන් අඩි 05 ක් පමණ උසට වැඩෙන අතර කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන බවත් එම කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන බවත් ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් බවත් සදහන් වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222