- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සිය කැමැත්ත පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නෙදර්ලන්ත රජය විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන්. 1965 වසරේ ලන්දේසින් විසින් මහනුවර රජ මාළිගාව අත්පත් කර ගත් අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගම විසින් රනින් සහ රිදියෙන් නිම කළ කොපුව සහිත කස්තාන 2 ක්, රනින් නිම කළ පිහියක්, මහ තුවක්කු 2 ක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බව සැලකෙන කාලතුවක්කුවක් ද රැගෙන ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ. මේ අනුව දැනට නෙදර්ලන්තයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති මෙම කෞතුක…
පෘථිවියට බලපෑම් ඇතිකරන සුර්ය කුණාටුවක් අද උදෑසන පොළවට ළගාවිය හැකි බව නාසා ආයතනය පවසනවා. එහි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් ආලෝක දහරා ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් ග්‍රීඩ් පද්ධතිවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බව ද නාසා ආයතනය සදහන් කළා. සුර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සුර්ය කුණාටු ඇතිවීමට හේතුව බවයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මාතර සිට පැමණි දුම්රියක් කොළඹ කොටුම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වන බව ද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා. පීලිපැනීමට ලක්වු දුම්රිය කඩිනමින් පීලිගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති ගෙන එන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද දැඩි අවධානයක් යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රටක නීතියේ අධිපත්‍ය එරට ආර්ථික ස්ථාවරභාවය පවත්වා ගැනීමට ප්‍රධාන සාධකයක් වන බවත් නීතියේ අධිපත්‍ය තහවුරු නොවු කිසිදු රටක් දියුණු වී නොමැති බව ද ප්‍රමිත බණ්ඩාර මහතා පෙන්වා දුන්නා. මේ දිනවල අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂ අංශ කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය…
මෙම වසරේ ගතවූ මාස 06ක කාලය තුළ ස්පාඤ්ඤයට මුහුදු මාර්ගයෙන් පැමිණීමට උත්සහ කළ පුද්ගලයන් 951 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම පිරිස අතර ළමුන් 49ක්ද ඇතුලත් බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් රටවල් 14ට අයත් බවද ඊයේ නිකුත් කළ නිල වාර්තාවට අනුව අනාවරණය වී තිබෙනවා. මෙහිදී වැඩි වශයෙන් සරණාගතයන් ස්පාඤ්ඤයට මෙලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඇතුළු වීමට උත්සහ කර ඇති අතර, ඔවුන් පැමිණි බෝට්ටු 19ක් පසුගිය මාස 06 තුල අතුරුදන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ස්කොට්ලන්තයට එරෙහි තරය කඩුලු 04කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 278 ක් ලබා තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව ඔවුන් එක්දින ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයක් සමග වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළදපොල පොලී අනුපාත පහළ යනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩු වනු ඇති. එමෙන්ම මේ දක්වා පොලි අනුපාතිකය පහළ දැමීමේ වාසිය වාණිජ බැංකු සහ මුල්‍ය අංශ විසින් මහජනතාව වෙත ලබාදීම ප්‍රමාණවත්ව සිදුනොවී මන්දගාමිව සිදුවන්නේ නම් මුදල් මණ්ඩලය විසින් සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
දුෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම එළඹෙන 19 වනදා දක්වා කල් තැබීමටයි එහිදී කටයුතු කළේ. මෙහිදී ආණ්ඩුව විසින් දූෂණ නිරෝධී පනත් කෙටුම්පත සම්මත නොකර කල් දැමීමට කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශයත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කළ අතර, එහිදී පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වය හට ගැනුනා. පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට මෙලෙස සම්මත නොකර කල්දමන බවට සභානායකවරයා සදහන් කළද, පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නම් සදහන් කළේ කල් දැමීමට තමා හේතුවක් නොදන්නා බවයි. මේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි…
හීලෑ අලි අතුන් රැක බලා ගැනීමේ කිසිදු ගැටළුවක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මහනුවර, සුදුහුම්පොළ රජමහා විහාරස්ථානේදී මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළා. හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේදී සුළු අඩුපාඩු සිදුවුවද සමස්ථයක් ලෙස අලි ඇතුන් සුරක්ෂිත බවයි ප්‍රදිප් නිලංග මහතා සදහන් කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ නියෝජිතයින් හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බවයි දියවඩන නිලමේවරයා සදහන් කළේ.
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද දිනය තුළ ද වසා තැබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් ඊයේ දිනයේදී ද වසා තැබුණා. පළාත් අධ්‍යාපන කොට්ඨශය විසිනුයි මෙම දින දෙක තුළ පාසල් වසා තැබීමට පියවර ගෙන තිබුණේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222