- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව තිබුනා. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා. එම සේවා දිගුව අවසන් වීමත් සමගයි හිටපු පොලිස්පතිවරයාට යලිත් වාරක් මෙසේ සේවා දිගුවක් ලැබි ඇති බව සඳහන් වන්නේ. පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ හිටපු පොලිස්පතිවරයා ඉදිරි දින දේකා තුල යළි සේවයට වාර්තා කිරීමට නියමිතව බවයි.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමටයි. නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට අවශ්‍ය සැලසුම් තමන් මේ වනවිටත් සකස් කරමින් සිටින බවයි.
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට රැගෙන යාමට නියමිතයි . ඒ,විශේෂ ගුවන් යානයකින් . මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ 2001 වසරේදී යි. ඒ තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් අනුවයි . මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී ඇතා විවිධ වධ හිංසාවට ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය ඇතා යළිත් එරටට රැගෙන යාමටයි තීරණය කළේ. ඇතා පුහුණු කිරිමට එරටින් ඇත් ගොව්වන් සිව් දෙනෙකු ද මෙරටට පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ශ්‍රී…
මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට දිලිර රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසනවා . මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ, මෙම දිලීර රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි . මේ සඳහා දිලීර නාශක කඩිනමින් යෙදීම වැදගත් වන අතර, එසේ නොමැති වුව හොත් ව්‍යාප්ත වීමේ අවදානම දැඩි විය හැකි බව ද කේ.බී ගුණරත්න මහතා සදහන් කළා . ගොවීන් විසින් භාවිත කරන ප්‍රමිතියෙන් තොර දිලීර නාශක හා පළිබෝධ නාශක භාවිත කිරීම හේතුවෙන් මෙම රෝගය තවත් ව්‍යාප්ත විය හැකි බව ද ඒ මහතා අවධාරණය කලා .
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රීය ව ඈති බව වාර්තා වනවා. සති දෙකක සිට මෙමෙ අක්‍රීය වී ඇති බව සදහන් . මේ හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වනවා . පිළිකා රෝගයට ගොදුරු වූ දරුවන් 15 කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබා දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10 ට පමණ ද දිනකට ප්‍රතිකාර සිදු කරන බවත් වෛද්‍යවරු පැවසුවා . මේ අතර බදුල්ල ශික්ෂණ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය ද අක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් දැඩි පිඩාවට පත්ව ඇති බවයි එම රෝහලේ අධ්යකවරයා සදහන් කලේ .
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා. එහි විධයක සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ තුලින් ජනතාව පිඩාවට පත් වන බවයි. කොලොම්බදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව අවධරණය කළා.
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බව සදහන් . ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි .
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය කොළඹ පී සරා ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැති අවසන් පන්දුවාර විස්ස තරග පහම ජයගෙන ඇත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මීට අමතරව ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222