- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
තවත් ආනයන සීමා කිහිපයක් ඉදිරියේදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් රූපවාහිනි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ. එය නොවෙනස්ව ඉදිරියට පවතිනු ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ණය සියල්ල රටේ අභිවෘද්ධිය සදහා යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . මෙහිදී ඔහු තවදුරටත් කියා සිටියේ රටේ වර්තමානයේ භාවිතා වන සංවර්ධන ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ද ආරම්භ කෙරුණු බවයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ විධායක සභාවට තමන් සහභාගී වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්. පක්ෂ දේශපාලනය තුලින් රට සංවර්ධනය කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ පොලිස්පති ධුරයට අයෙකු පත් කරනු ලබන්නේ වැඩබැලීම සදහා මාස 3 ක කාලයකට පමණක් බවයි ආරංචි මාර්ග සදහන් කලේ. පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිව අද වනවිට සති දෙකක කාලයක් ගත වී තිබෙනවා.
රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව හෙට දිනයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ . ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබුවා . පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ . ඒ අනුව මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය…
බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරි මාස තුන ඇතුළත පහළ යනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .බී.හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මාස 3ක් තුළ මස් සහ බිත්තර වලින් රට ස්වයංපෝෂිත කිරීමට හැකිවන බවයි.
අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දියණිය ද පහර කෑමට ලක්වී අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුුුවා. ඔවුන්ගේ නිවසේ නතරවී සිට ඇති තරුණයෙකු දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇතිවු ආරවුලකදී තරුණයා විසින් එම තරුණියට තියුණු ආයුධයකින් පහර දී තිබුණා. ඊට මැදිහත් වු තරුණියගේ පියාට ද තරුණයා පහර දී තිබෙනවා. එහිදී පහර කෑමට ලක්වු ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 60 හැවිරිදි පියා මියගොස් ඇති බව වාර්තා වුණා. සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසනවා. මේ වන විට ගර්භනී සහ කිරිදෙන මවුවරුන්ට මෙන්ම වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ සපයන බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවා . වයස මාස 6 ත් අවුරුදු 3 ත් අතර දරුවන්ගේ ත්‍රිපෝෂවලට අදාල නිර්නායකයන් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසඳුමක් ලබා දෙන්නේ නම් එම වයස් කාණ්ඩයේ දරුවන්ට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ඇති බවත් ඔහු සදහන් කළා .
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයින් 292කට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් . පසුගිය ජූනි දෙවැනිදා රාත්‍රියේ සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක් වුනා . එම අවස්ථාවේදී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකද ගැටුණු අතර ඉන් විනාඩි කිහිපයකට පසුව තවත් සීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී මෙම දරුණු අනතුරව තිබුනා . අනතුරින් පුද්ගලයින් 292 දෙනෙකුට දිවි අහිමිවූ අතර තුවාල ලැබූ පිරිස දහසක් පමණ වනවා . මෙහිදී අනාවරණය වී ඇත්තේ දුම්රිය සංඥා පරිපථයේ සිදු කරන…
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි. ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් . කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කලා . මේ අතර ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් තවකාලිකව ඉවත් කල බව සවුක්ය සේවා අධ්යක ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා . මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222