Author: Anura Premakumara

ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ එයාර් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම ලබාදී ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. එමෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා.

තව කියවන්​න

ගුවන් ප්‍රහාරයකින් සුඩාන වැසියන් 22 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර සිදුවන ගැටුම් අතරතුදීයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ගුවන් ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කළේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. කෙසේවෙතත් සුඩාන අතුරු හමුදා පවසන්නේ මෙම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිව යුතු බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සුඩාව හමුදා ප්‍රධානිය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තව කියවන්​න

වැල්ලවාය බිබිලහෙල කදු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණා. එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2023 ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය පිළිබද වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක පැවසුවේ තරග ජයග්‍රහණය කිරීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බවයි. ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ ශ්‍රී ලංකාව සතු සැලසුම් පිළිබද මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේ දසුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මේ අතර ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් මහා තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවනවා. ඒ මධ්‍යහන 12.30ටයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මෙම තරගය අහිමි වී තිබෙනවා. පාදයේ මතු වූ ආබාධයක් ඊට…

තව කියවන්​න

අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගම්පහ , කැළණිය සහ මීගමුව ප්‍රදේශවල අපරාධ සිද්ධී 35ක සම්බන්ධව ඇති බවයි. එමෙන්ම මොහුට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 12ක් නිකුත් කර ඇති බව ද පොලිසිය සදහන් කළා. සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අහිමි වී තිබෙනවා. පාදයේ මතු වූ ආබාධයක් හේතුවෙන් දිමුත් අද තරගයට ක්‍රිඩා නොකරන බවයි වාර්තා වන්නේ. දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් . හරාරේහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් මධ්‍යහන 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ පළාත් කිහිපයක අදත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

මෙම වසරේ පළමු මාස හය තුළ විදේශ යන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2822 යි දශම 6 ක මුදලක් මෙරටට ඒවා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා . පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 75 දශම 3 ක වර්ධනයක් බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ . විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1609 යි දශම 9 මුදලක් මෙරටට ඒවා තිබුණා . එමෙන්ම විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙම වසරේ ජූනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475 යි දශම 7 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි. සිම්බාබ්වේ හරාරේ ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් මධ්‍යහන 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කළා. නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව මේ වන විටත් ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් එලෙස විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කළ බවයි. ලෝකයේ රසායනික අවි වලින් තොර කිරීම සදහා 1997 වසරේදී සම්මුතියකට ද එළඹ තිබෙනවා.

තව කියවන්​න